වයඹ සහ උතුරු-මැද පළාත්වලටත්, ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහාත් උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක මට්ටමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අනතුරු ඇඟවීමේ මට්ටමේ තත්ත්වය තුළ තාප දර්ශකය සෙන්ටිග්‍රේඩ් අංශක 39-45 දක්වා වූ අගයක් ගන්නා බව ද එම නිවේදනයේ දක්වා ඇත.
තාප දර්ශකය (Heat Index) යනු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ගණිතමය කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේශනය මගින් ලබා ගන්නා වායුගෝලීය ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදා ගනිමින් හෙට දිනය සඳහා ගණනය කර ඇති දර්ශකයකි. එය සිරුරට දැනෙන තත්ත්වයක් විනා විය හැකි උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොවන බව ද දෙපාර්තමේන්තුව විසින් නිවේදනය හරහා පැහැදිලි කර තිබේ.,
මෙම අවධානම් තාප දර්ශක තත්ත්වයේ දී හිරු එළිය වෙත දිගුකාලීන නිරාවරණය සහ ක්‍රියාකාරකම් සමඟ ශරීරයට තෙහෙට්ටුව ඇතිවිය හැකි අතර අඛණ්ඩ ක්‍රියාකාරකම් හේතුවෙන් විජලනය සහ ලවන ඉවත් වීම නිසා ඇතිවන අධික වේදනා සහිත මස් පිඩු පෙරළීම් ( Heat Cramps ) ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව දන්වා ඇත.
වැඩබිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් හැකි පමණ සෙවන ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත්, නිවෙස් තුළ දී වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ගැන සැලකිලිමත්වන හා කුඩා ළමුන් වාහන තුළ රඳවා නොතබන ලෙසත්, එළිමනේ දී අධික වෙහෙසකාරී කටයුතු සීමා කර වෙසන ඇති ස්ථාවල රැඳෙමින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, අවවාද කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුදු හෝ ලා ඇඳුම් හැකි පමණ භාවිතා කරන ලෙස දන්වා සිටී.








