කීර්ති ප්‍රනාන්දු –
ලංකා සතොස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 06ක මිල අද සිට අඩු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව සුදුළූණු කිලෝවක මිල රුපියල් 60කින්, පාන් පිටි කිලෝවක මිල රුපියල් 55කින්, හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 50කින්, කඩල පරිප්පු කිලෝවෛක මිල රුපියල් 30කින්, සුදු සීනි කිලෝවක මිල රුපියල15කින්, ආනයනික සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 05කින් අඩු කර තිබේ.
මේ සම්බන්ධව සතොස නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.







