ඉන්දියාවේ ගාන්ධිනගර් හි පැවැත්වෙන ‘ 2022’ ප්‍රදර්ශනය අතරේදී ඉන්අදීයාවේ නිෂ්වපාදිත ආරක්බෝෂක උපකරණ අපනයනය පිළිබඳව අවබෝධතා ගිවිසුම් 400කට වැඩි සංඛ්‍යාවකට අත්සන් තැබීමට බලාපොරොත්තු වෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා පවසයි.
පසුගියදා 2022 ආරක්ෂක ප්‍රදර්ශනය විවෘත කරමින් මෝදි මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දියානු සමාගම් පමණක් සහභාගී වෙන ප්‍රථම ආරක්ෂක ප්‍රදර්ශනය මෙය වන අතර එහි ප්‍රදර්ශනය කෙරෙන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත උපකරණ පමණකි.
මෙම ආරක්ෂක ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයින් 1300කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වී ඇති අතර මධ්‍යම, කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාරිකයින් සේම සීයකට අධික ව්‍යාපාරයකින් පිරිසක් ද ඒ අතර වේ.
“යකඩ මිනිසා විදියට හදුන්වන සර්දාර් පටෙල්ගේ දේශයේ ඉඳලා අපි ලෝකයට අපේ හැකියාවන් ප්‍රදර්ශනය කරනවා. ඒක අපිට ආඩම්බරයක්..”
ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසු ජනතාව අමතමින් අග්‍රමාත්‍යවරයා පවසා තිබේ.







