සතුන් ඝාතනය නොකර ජෛව ප්රතික්රියාකාරකවලින් නිපදවන මාංශ නිෂ්පාදන සඳහා පළමු වරට නියාමන අධිකාරියක් විසින් විකිණීම සඳහා අනුමත කර ඇත.
මෙය ආහාර සඳහා මාංශ නිෂ්පාදන කර්මාන්තයේ සුවිශේෂී අවස්ථාවක් ලෙස සලකනු ලැබේ.
අමෙරිකානු සමාගමක් වන ඊට් ජස්ට් විසින් නිෂ්පාදනය කරන ලද “කුකුළු මස් කටගැස්ම” සිංගප්පූරු ආහාර ඒජන්සිය විසින් ආහාරයට සුරක්ෂිත බවට සමාලෝචනයකින් සම්මත කර ඇත.
මෙම අනුමැතියත් සමග පශු සම්පත ඝාතනය නොකර සියලුම මස් නිපදවන අනාගතයකට දොර විවර වනු ඇතැයි එම සමාගම පවසයි.
ගොවිපළවල් දුසිම් ගනනක් නිෂ්පාදනය කරන ලද කුකුළු මස්, හරක් මස් හා ඌරු මස් මෙම නිෂ්පාදන ක්‍රියාවලිය ඔස්සේ අත්හදාබලමින් සිටි.
කාර්මික පශු සම්පත් නිෂ්පාදනයේ දේශගුණය හා සොබාදහමේ අර්බුදයන් අවම කිරීම මෙන්ම පිරිසිදු, කෲරත්වයෙන් තොර මස් ලබා දීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වනු ඇත.
වර්තමානයේ මස් සඳහා දිනකට කුකුළන් මිලියන 130 ක් ඌරන් මිලියන 4ක් පමණ ඝාතනය කරනු ලැබේ.
පෘථිවියේ 60% ක් පශු සම්පත්, 36% මිනිසුන් සහ 4% ක් පමණක් වනාන්තර ය.
ඊට් ජස්ට් සමාගම විසින් දැනට ජෛව ප්‍රතික්‍රියාකාරක ලීටර් 1200ක වගා කර පසුව ශාක පදනම් කරගත් අමුද්‍රව්‍ය සමඟ සංයුක්ත කෙරේ.
මූලිකව මෙම නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව සීමිත ය. එහෙත් චිකන් කටගැස්ම සිංගප්පූරුවේ අවන්හලක අලෙවි කරන බව සමාගම පවසයි.
මෙම නිෂ්පාදනය, අවශ්‍ය ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදනය ඉහළ දමන තෙක් සාම්ප්‍රදායික කුකුළු මස්වලට වඩා සැලකිය යුතු තරම් මිල අධික වනු ඇත.
නමුත් ඊට් ජස්ට් පැවසුවේ එය අවසානයේ ඉතාම ලාභදායී වනු ඇති බවයි.