රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පැනගිය මහර බන්ධනාගාර සිදුවීමෙන් තුවාල ලත් රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු වැලිකඩ බන්ධනාගාරයේ වෙන්කළ ස්ථානයක රඳවා තිබේ.
ඔහු ඊයේ රාත්‍රියේ රෝහලින් පැන ගොස් ඇති බව අනාවරණය විය.
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද වුවද ඔහු උපක්‍රමිකව පැන ගොස් තිබුණි.
පසුගියදා මහර බන්ධනාගාර සිදුවීමෙන් තුවාල ලත් 121 දෙනකු අතරින් 28 දෙනකු ඊයේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ.