සමගි ජනබලවේගය අද සූදානම් කර ඇති විරෝධතාව වෙනුවෙන් රටපුරා සිය පාක්ෂිකයන්ට කොලඹට එන්නට නොදී පොලීසිය විසින් අවහිර කළ ද අද දහවල් 2 වනවිට විපක්ෂ නායක කාර්යාලය අසලින් දැවැන්ත බලවේගයක් ආරම්භ වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු පවසන්නේ රටපුරා මේ වනවිටත් සජබ විරෝධතා පැවැත්වෙන බවයි.
‘අපි ඉල්ලුවේ පුටින් කෙනෙක්. ඒත් දැන් ඉන්නේ සජබෙට බය සූටින් මාටින් කෙනෙක්’ යැයි මන්ත්‍රීවරයා කීය.
එමෙන්ම විපක්ෂ නායක කාර්යාලය අසලින් අද ආරම්භ කරන විරෝධයට කාර්යාලවලට පැමිණ සිටින ජනතාව තම දරුවන් වෙනුවෙන් සහභාගි වන ලෙසත් ආයාචනා කරන බවත් එම ප්‍රදේශයට වාරණ නියෝග නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
මේ අතර සමගි ජන බලවේගයේ අද පැවැත්වෙන විරෝධතාවට මාවතගම, කුරුණෑගල, අලව්ව, කුලියාපිටිය, හිරියාල ප්‍රදේශවලින් සිය පාක්ෂිකයන් රැගත් බස් රථ නවතා ඒවායේ බලපත්‍ර අත්හිටුවන බවට බිය වද්දමින් සිටින බව කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුවල මහතා මාධ්‍ය හමුවට සහභාගි වෙමින් කීය.
වෙනත් ක්‍රමවලට හරි හෝ පැමිණ වර්ජනය කරන බව ද හෙතෙම අවධාරණය කර සිටී.
මේ අතර පියසේන ගමගේ මහතා පැවසුවේ පැලවත්ත, ඇල්පිටි ප්‍රදේශවලින් ද සිය පාක්ෂිකයන් කොළඹට පැමිණීමට උත්සහ කළ බස් රථ පොලීසිය හා විශේෂ කාර්ය බළකාය විසින් නවතා ඇති බවයි.
එහෙත් උතුරු නැගනහිර දකුණ හැමතැනකම මෙය සිදුවී ඇති බවත් ‘ආණ්ඩුවට ඇහැරෙන්න දැන් වෙලාව හරි’ යැයි ද හෙතෙම කීය.
“මේක අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්. මේක තමයි වෙන්න ඕන. මිනිස්සු කොළඹට ගෙන්වනවට වැඩිය මේක තමයි වෙවන්න ඕන. මේ සියලු බාධක කඩාගෙන මිනිස්සු ඉදිරියට ඇවිත් මේ උනන්දුව ඇතිවී තිබෙන්නේ දරාගන්න බැරි තරම් ජීවන වියදම ඉහළ දමපු නිසා අපේ විරෝධය සාර්ථකයි කියලා කියන්න පුළුවන්” යැයි ද හෙතෙම සඳහන් කළේය.
කොළඹට එන පිරිස් නවත්වන්න ගිය පොලිසිය අසරණ වුණු හැටි…







