සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චම්පික රණවක පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රීවරයෙක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබේ.
චම්පික රණවක ආණ්ඩුව සමග එක්වන්නේ නම් මුදල් ඇමති ධුරය හෝ ඒ හා සමාන වෙනත් ඇමති ධුරයක් ලබා දීමට ආණ්ඩුව සූදානමින් සිටින බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට වාර්තා කරයි.
එහෙත් ආණ්ඩුව විසින් කර ඇති මෙම යෝජනාව භාර නොගන්නා බව ප්රකාශ කර ඇති චම්පික රණවක මන්ත්රීවරයා වර්තමානයේ රට මුහුණ දී ඇති වැඩපිළිවෙළට ස්වාධීන මන්ත්රීවරයෙක් ලෙස සහයෝගය දක්වන බව ප්රකාශ කර ඇත.
රට මුහුණපා ඇති බලශක්ති අර්බුදය විසඳීමට අදාල යෝජනාවලියක් මේ සතිය තුළ රජයට ඉදිරිපත් කිරීමට ද චම්පික රණවක තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ ස්වාධීනවන චම්පික රණවක මනත්රීවරයා සමග සමගි ජනබලවේගයේ තවත් පිරිසක් ස්වාධීන වීමටත්, තවත් පිරිසක් ආණ්ඩුව සමග ඍජුවම එකතු වීමටත් කටයුතු කරමින් සිටින බව ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.