අද රාත්‍රී 07ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දි ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු විස්සයි 20 තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ.
දසුන් ශානක ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමිර, මහේෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර ඇතුළත් වේ.
ශාරීරික යෝග්‍යතා ප්‍රශ්නයක් මත ක්‍රිකට්වලින් ඉල්ලා අස්වීමට ගොස් නාමල් රාජපක්ෂගේ ඉල්ලීම මත ඉල්ලා අස්වීම ඉවත් කරගත් භානුක රාජජපක්ෂත් මෙම සංචිතයට ඇතුළත් වීම විශේෂය. මෙම තරගයේ ප්‍රවේශපත්‍ර දින කීපයකට පෙර නිමා වී තිබිණි.







