අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි සති තුන ඉන්ධන සහ ගෑස් හිඟ දුෂ්කර කාලයක්! ඉවසීමෙන් මුහුණ දෙන්න – අගමැති කියයි!  

2023 ම ගත කරන්න වෙන්නෙ මහා පීඩාවන් මැද... ආහාර හිඟයක් ඒ අතර... සියල්ල ඉවසීමෙන් කළමනාකරණය කරගනිමු....

by editor
ජූනි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට ඉදිරියේ දි  ඉන්ධන සහ ගෑස් භාවිතය අතින් දුෂ්කරතම සති තුනකට මුහුණ දෙන්නට සිදුව ඇති බවත් හැකි තරම් ගමන් බිමන් අවම කර ගනිමින්, සම්පත් සීමිත ව පරිහරණය කරමින් මේ අසීරු සති තුනට මුහුණ දෙන්නට සැරසෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටී. අග්‍රාමාත්‍යවරයා මේ ඉල්ලීම කළේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමිනි.

 බිඳ වැටණු රටේ ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් එය  ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ප්‍රාතිහාර්යවලින් සිදු කළ නොහැකි බවත් කී අගමැතිවරයා ඒ සඳහා සියලු දෙනාට කැප වී ක්‍රියා කළ යුතුව ඇති බව ද එහිදී   සඳහන් කළේය.

මාසිකව ඉන්ධන සඳහා ඩොලර් මිලියන  550ක්  පමණ වැය වන අතර ලෝක  අර්බුද නිසා තෙල් මිල තවත් සියයට 40කින් පමණ මෙම වසර අවසානය වනවිට ඉහළ යාමේ  අවදානමක් ඇතැයිද පැවසූ අගමැතිවරයා මේ තත්තවය තුළ ඉදිරියේදී ඉන්ධන සලාක ක්‍රමයක් පිළිබඳවද ඉදිරිපත්ව ඇති අදහස සලකා බලන්නට සිදුවන බව ප්‍රකාශ කළේය.

ඉන්නධ සඳහා ඉදිරි මාස හයට ඩොපර් මිලියන 3300ක් පමණ වශය වනු ඇති බවත් ගෑස් සඳහා මාසයකට ඩොලර් මිලියන 40ක් පමණ අවශ්‍ය බවත් පැවසූ අගමැතිවරයා  මේ සඳහා දේශීය මුදල්,  බහු පාර්ශ්වික ආධාර  සහ ඉන්දීය ණය මුදල්වලින්  ඩොලර් මිලියන 250ක් පමණ වැය කිරීමට සිදුවන බව පෙන්වා දුන්නේය.

පවතින විදේශ විනිමය අර්බුදය සමහ ආහාර පිළිබඳව පවතින අර්බුදය හේතුවෙන් මේ දුෂ්කරතා විඳින්නට රටේ ජනතාවට සිදුව ඇති බවත් ආහාර සම්බන්ධ දුෂ්කරතාව  මාස කිහිපයකින් එළඹෙනු ඇති බවත් අගමැතිවරයා කීවේය. රටේ සමස්ත ආර්ථික දුෂ්කරතාවන් 2023 වසර පුරාවටම ද විඳින්නට අප ට සිදුවනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ   මෙසේද පැවසීය.

 “මේ ගමන් බිමන් හැකිතාක් සීමා කළ යුතු කාලයක්. ඉන්ධන ගෑස් විදුලිය අනවශ්‍ය ලෙස පරිහරණය කරන්න එපා. ඉදිරියට එන්නේ දුෂ්කර සති තුනක්. අප මේ අර්බුදයෙන් ගොඩ එන්න විවධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරනවා . රටේ ආහාර හිඟයක් නිර්මාණය වන තත්ත්වයක් පවතිනවා.  මෙම ආහාරවලින් කොටසක් දේශිය ව නිපදවාගන්න අතරේ ආහාර කොටසක් පිටරටකන් ගේනවා.  අප දැන් සිටම වෙහෙස විය යුත්තේ ඊළඟ මහ කන්නය සාර්ථක කර ගන්න. ඒකේ අස්වැන්න 2023 පෙබරවාරි පමණ වෙනවා.  රටට වසරකට සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ   අවශ්‍යයි. නමුත් අපට තිබෙන්නේ ටොන් මිලියන  1.6ක්.

 මේ තත්ත්වය තුළ තව මාස කිහිපයක් ආහාර අතින් බරපතල දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවනවා. පිටරටින් ගෙන්වා ගන්න සිදුවෙනවා. ඩොලර් මිලියන 150ක්   අපට මේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් අවශ්‍ය වෙනව.   අපේ අපනයන බෝග සඳහා වූ ජාත්‍යන්තර වෙළෙඳපොල අහිමි වෙමින් පවතිනවා. අපේ කෘෂි  කර්මාන්තය රැක ගත යුතුයි. තේ රබර් පොල් ඇතුලු සියලු බෝග සඳහා  අවශ්‍ය පොහොර වෙනුවෙන් ඩොලර් මිලියන 600ක් අවශ්‍යයි. .

 රටට අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට විවිධ ජාත්‍යන්තර සම්බන්ධ කර ගත්තා විවිධ රටවල් ආධාර ලබා දීම හේතුවෙන් අපට ලොකු මුදලක් විදේශ විනිමය වැය වන්නෙ නෑ. සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන්  ලබා දෙන මූල්‍ය සහ ද්‍රව්‍ය ඉදිරි මාස හය තුළ අපේ රටේ ජන ජීවිතය අවශයතා වෙනුවෙන්  අවම වශයෙන් ඩොලර් බිලියන 5ක මුදලක් අවශ්‍යයි.

ඊට අමතරව  රුපියල් ශක්තිමත් කිරීමට ඩොලර් බිලියනයක්වත් අවශයයි. මේ අනුව ඉදිරි මාස හයේ රටට  ඩොලර් බිලියන 6ක්වත් අවශ්‍ය්‍යයි.“ යයිද අගමැතිවරයා සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සජබෙන් ගැලවී චම්පික ස්වාධීන වේ… සජබ මන්ත්‍රීවරු පිරිසක් චම්පික ගත් මගට… තවත් පිරිසක් ආණ්ඩුවට එක්වන ලකුණු…

Next Post

අපි ලෝකයට බොරු කරලා බංකොලොත් වී කොන් වුනු ජාතියක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.