ලලිත් චාමින්ද –
ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 25ක දුරදී අනතුරට ලක්වු බෝට්ටුවක ස්කිපර්වරයා විසින් එම බෝට්ටුවේ සිටි ධිවරයින් 05 දෙනා බොට්ටුවේ දමා වෙනත් බොට්ටුවක නැගී ගොඩබිමට පැමිණිම සම්බන්ධයෙන් අනතුරට ලක්වු බෝට්ටුවේ ස්කිපර්වරයා හා ඔහු රැගෙන එනු ලැබු බෝට්ටුවේ ස්කිපර්වරයා අද (06) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙම බහුදින යාත්‍රාව ජනවාරි මස 09වැනි දින ගාල්ල ධීවර වරායෙන් පිටත්ව ගොස් ඇත. පසුගිය 03වැනි දින රාත්‍රි ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 25ක් පමණ දුරදී බොට්ටුව අනතුරට ලක්ව ඇත. මෙහිදී බොට්ටුවේ ස්කිපර්වරයා වෙනත් බොට්ටුවක නැගී ගොඩබිමට පැමිණ ඇත.
බෝට්ටුවක් අනතුරට ලක්වු විට බෝට්ටුවේ ස්කිපර්වරයාට එසේ එමට නොහැකි බව පොලිසිය පවසයි. කෙසේ වුවද ස්කිපර්වරයා පොලිසියට පවසා ඇත්තේ අනතුරට පත් යාත්‍රාවේ සිටි අනික් ධිවරකාර්මිකයින් 05 දෙනාටද වෙනත් බෝට්ටුවක නැගි ගොඩබිමට එන ලෙස තමන් යෝජනා කළ ද ඔවුන් ඒ සදහා අකමැතිවු බවය.
අනතුරට පත් බෝට්ටුවේ ස්කිපර්වරයා රැගෙන එම හා ඒ සඳහා අනුබල දීම සම්බන්ධයෙන් මොහු රැගෙන එනු ලැබු බෝට්ටුවේ ස්කිපර්වරයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ස්කිපර්වරුන් දෙදෙනාම අද (06) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.







