බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක කන්තාවකට නිරුවත පෙන්වූ අසහනකාරයා අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 17, 2025
in පුවත්
arrested
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

ත්‍රිරෝද රථයක ගමන් කරමින් නෙදර්ලන්ත ජාතික කාන්තාවකට ලිංගික අවයව පෙන්වූ තරුණයා මහනුවර සංචාරක පොලීසිය මගින්  අද (17) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවකට ලිංගික හිරිහැර සිදු කිරීමේ චෝදනාව යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.

පැමිණිල්ල සිදුකළ 31 හැවිරිදි විදේශීය කත පසුගිය 04 වැනි දින හපුතලේ මාගිරිතැන්නේ පිහිටි හෝටලක සිට ත්‍රිරෝද රථයකින් මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී සැකකරු මාවතගම ප්‍රදේශයේ දී මෙම ක්‍රියාව සිදුකර තිබෙන බව පොලිසීය පවසයි.

සැකකරු ඔහුගේ ත්‍රිරෝද රථය පැමිණිලිකාරිය ගමන් ගත්  ත්‍රිරෝද රථයට සමාන්තරව ධාවනය කරමින් මෙම ක්‍රියාව සිදුකර තිබෙන අතර එම අවස්ථාවේ පැමිණිලිකාරිය ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන් කරමින් එය වීඩියෝ ගතකර ඇත. එම අවස්ථාවේ ත්‍රිරෝද රථය පදවා ඇත්තේ ඇය සමඟ මෙරටට පැමිණි නෙදර්ලන්ත ජාතික මිතුරියක විසින් බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.‍

මෙරට ප්‍රදේශ කිහිපයක සංචාරය කළ විදේශික කාන්තාවන් දෙදෙනා යළි හපුතලේ මාගිරිතැන්නේ නවාතැන් ගෙන සිටි හෝටලයට ගොස්   ඊයේ  (16 ) එම වීඩියෝව එහි හිමිකරුට පෙන්වා ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

හෝටල් හිමියාගේ දැනුම්දීම මත බණ්ඩාරවෙල සංචාරක ඒකකයේ ස්ථානාධිපතිවරයා මෙම සිද්ධියට අදාළ පැමිණිල්ලක් සටහන් කරගෙන තිබේ.

අනතුරුව  සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් විදානගමගේ ගේ මෙහෙයවීමෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත්කර ඇත.

එම කොට්ටාසයේ සහකාර පොලිස් අධිකාරි සුරවීර, උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව්. බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන  8377 මදුතිසර,  93309 හැරිසන් සහ මහනුවර සංචාරක පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් මහගෙදර, උප පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් සැරයන් 47018 ඉන්ද්‍රජිත්, පොලිස් කොස්තාපල් 77459 උදයකුමාර යන නිලධාරීන් විඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තැන්ත්තා  මාවතගම රෝහල පටුමගේ පදිංචි 32 හැවිරිදි අවිවාහකයෙකි. ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ  අයෙකු බව පරීක්ෂණ මගින් හෙළිව ඇත. සැකකරුට අයත් ත්‍රිරෝද රථයද පොලීසිය භාරයට ගෙන තිබෙන අතර ඔහු  හෙට  (18) මාවතගම පිලැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ වර්ග 350කට පාලන මිලක් ක්‍රියාත්මකයි… වැඩි මිලට ඖෂධ විකුණන අලෙවිකරුවන් ගැන ඔබත් දැනුම් දෙන්න… ඖෂධ නියාමන අධිකාරිය ජනතාවගෙන් ඉල්ලයි…

Next Post

පාතාල දාම ඝාතනවල තවත් බිල්ලක්… මීටියාගොඩ දී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කරයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.