සමන් මල්ලවආරච්චි –
ශිෂ්‍යත්ව විභාගය අවසන් වී නිවෙස් වලට පැමිණ දෙමාපියන් හා එක්ව නිලාවෙලි එරක්කණ්ඩි මෝය අසල දිය නෑමට ගිය දරුවන් සිව් දෙනෙකුගෙන් එක් දැරියක් මියගොස් තවත් දැරියක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබේ.
රොහල්ගත කළ දැරිය ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව කුච්චවේලි පොලිසිය පවසයි.
දිය නෑමට ගිය දරු දැරියන් කණ්ඩායමට සිව් දෙනෙකු සිට ඇති අතර එක් සිසුවියක ගේ මව හා පියා සමග මෙලෙස දිය නෑමට ගොස් මෙම අනතුර සිදුව තිබේ. මෙලෙස මිය ගියේ ත්‍රිකුණාමලය ආන්දම්කුලම පාසල් මාවතේ පදිංචි කේ. ඒ. ඔෂිනි අස්වානි නැමැති දස හැවිරිදි සිසුවියකි.
සිසුවියන් සමග දිය නෑමට ගොස් එරක්කණ්ඩි කළපුවේ සැඩ පහරට හසුව ගහගෙන යමින් සිටියදි දිවි බේරාගත් සිසුවෙකු වන දේවින්ද සුරාජ් බන්ඩාර මෙසේ පැවසීය.
“එකටම මම බැහැලා නෑවා. අනුර මාමා ගොඩාක් ඈත යන්න එපා කිව්වා. අපි ඔක්කොම බැස්සා නාන්න. අපි ඔක්කොම නානා ඉන්න කොට තිසුමියි මැරුණු කෙනාගේ අක්කයි ගහගෙන ගියා. වතුර මැද ගොඩබිමක් තිබ්බා. එතැනට ගහගෙන ගියා. මටත් වතුර පෙවුණා. .එතැන ගලක් තිබ්බා. ඒ ගලට නැග්ගා. නංගි අර මැරුණ කෙනාව බදා ගත්තා. දෙන්නම ගිලුණා. හෝටලේ හිටපු කට්ටියට අඩගහලා ගත්තේ ඒ අයයි බෝට්ටු කට්ටියි බෝල ගගහා හිටපු අයයි තමා බේරාගත්තේ. එකටම ගත්තේ අයෝධ්‍යාව. එයා ලේ වමනේ දාලා තිබ්බා. ඊට පස්සේ තමා අරයව හමුවුණේ” යැයි පැවැසුවාය.
.දියේ ගිලි ඇති සිසුවියන් සිව් දෙනා ත්‍රිකුණාමලය මිහිදුපුර විදුහලේ පහ වසරේ ඉගෙනුම ලබන සිසුන් වෙති. මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරික්ෂණය ත්‍රිකුණාමලය මහ රෝහලේ දී සිදු කිරීමට නියමිතය.