දිනසේන රතුගමගේ –
යාපනයේ පලාලි ගුවන් තොටුපලේ ධාවන පථය පුලුල් කොට තවත් පර්යන්තයක් ඉදි කිරීම සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් ලබා දීමට එකග වූ බව ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් අද 23 දා පැවසීය.
තමන් ඉන්දීය තානාපති ගෝපාල් බග්ලේ මහතා සමග සාකච්ඡා කළ බවත් එහිදී ඔහු මේ බව සදහන් කළ බවත් කියා සිටියේය.
ඉන්දියාව නිරන්තරයෙන්ම පලාලී ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සදහා ඉදිරිපත් වී සිටින බවත් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මුදල ලබා දෙන්නේ මීට පෙර ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමට එකඟ වූ මුදල්ට අමතරව බවත් තමන් සමග ඉන්දීය තානාපතිවරයා පැවසූ බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේය.
පලාලි ගුවන් තොටුපල ඉලක්ක කරගෙන ඉන්දියාවේ සිට ගුවන් යානා මෙහෙයුම් කටයුතු සතියකට 100 ක් දක්වා ඉහළ දැමීමට ඉන්දියාව සැලසුම් කොට තිබූ බවත් එම ගුවන් මෙහෙයුම් වලින්වැඩි කොටසක් වාණිජමය අවස්ථාවන් සපුරාලන ගුවන් මෙහෙයුම් බවත් ඉන්දීය තානාපතිවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.
මේ සියලු කටයුතු කොරෝනා වසංගතයත් සමගම බිඳ වැටී ගිය බවත් මේ වන විට රෝගයේ යම් පාලනයක් ඇති නිසා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කොට යාපනය පලාලී ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඉන්දීය තානාපතිවරයා ප්‍රකාශ කොට තිබේ.