ලලිත් චාමින්ද –
ශ්‍රි ලංකා කෘෂිරක්ෂණ මණ්ඩල මගින් විදේශ ආයතනයකට ගෙවන ලද රුපියල් මිලියන 473ක ප්‍රතිරක්ෂණ වාරික මුදල නිෂ්කාර්ය වි ඇති බව විගණන දේපාර්තමේන්තුව විසින් 2019 වර්ෂයට අදාලව නිකුත්කළ වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
2018/යල හා 2018/2019 මහ කන්නයන්හි සිදුවිය හැකි හානි වෙනුවෙන් වන්දිගෙවිමට ක්‍රියාත්මක වු නොමිලේ රක්ෂණය හේතුවෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මැලේසියානු ප්‍රතිරක්ෂණ සමාගමක් හා ප්‍රතිරක්ෂණ ගිවිසුමකට එළඹුණි. එම ගිවිසුමට එළඹිමේ දී වගකිම් වැඩියෙන් තක්සේරුකොට තිබුණි.
එම කන්නයන්හිද ප්‍රතිරක්ෂණ වගකිම් ඉක්මවා හානි වාර්තා නොවු අතර එවැනි අවස්ථාවකදි කෘෂිරක්ෂණ මණ්ඩලයට ප්‍රතිලාභ හිමිකරගැනිමට අදාල කොන්දේසි ගිවිසුමට ඇතුළත්කර නොතිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.
මේ නිසා කෘෂිරක්ෂණ මණ්ඩලයට කිසිදු ප්‍රතිලාභයක් ලබාගැනිමට නොහැකි වි ඇති බවද විගණන වාර්තාවේ සඳහන්ව ඇත.







