මෙරට සිදුකෙරෙන කොවිඩ් මර්දන එන්නත් කිරීමේ වැඩසටහන තුළ මේ වනවිට එන්නත් මාත්‍රා 18,000 ක් පමණ අපතේ ගොස් ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත් වාර්තා කරයි.
ඒ COVISHIELD AstraZeneca එන්නතෙහි කුප්පි වල අවසානයේ ඉතිරි වන ප්‍රමාණය බැහැර කිරීමට එම එන්නත් විදින සෞක්‍ය සේවයකන් කටයුතු කිරීම නිසාවෙනි. දැනට භාවිත වන එන්නත් එක කුප්පියක එන්නත් මාත්‍රා 10ක් අඩංගු වන බව නිෂ්පාදකයන් දන්වා ඇත.
එසේ වුද මෙම මාත්‍රා 10 ලබා ගත් පසුව කුප්පිය පතුළෙහි තවත් මාත්‍රාවක හෝ දකක ප්‍රමාණයක් ශේෂ වෙයි. කුඩා සිරින්ජයක් සහ ඉදිකටුවක් භාවිතයෙන් මෙම මාත්‍රාවද සීරුවෙන් ලබා ගත හැකි බව මෙම ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ අනෙකුත් විශේෂඥ යන් විසින් සිදු කරනලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත.
ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සෞක්‍ය අමාත්‍යංශයට දන්වා ඇත්තේ මෙම ඉතිරි මාත්‍රාවද ලබා ගත හැකි බවය.
මේ පිළිබඳව විශෙෂඥයන් පසුගිය පෙබරවාරි මස 05 වැනිදි සිදු කළ සාකච්ඡාවකින් පසුව සෞඛ්‍ය අමාත්‍යංශය දන්වා තිබේ.
භාවිතා කිරීම සඳහා නිර්දේශිත සෑම කුප්පියකම අවම වශයෙන් මාත්‍රාවන් 10 ක් අඩංගු වන බව එන්එම්ආර්ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙබරවාරි මස 06 වැනිදා ලිපියක් මඟින් ජාතික ඖෂධ නිමයාමන අධිකාරිය දන්වා ඇත්තේ Low dead සිරින්ජ සහ ඉඳිකටු භාවිතා කොට, කුප්පියේ ඉතිරිව ඇති ප්‍රමාණය අතිරේක මාත්‍රාවක් හෝ දෙකක් සඳහා ප්‍රමාණවත් විය හැකි අතර එය භාවිතා කළ හැකිය” යනුවෙනි.
කෙසේ වුවද එන්නත් කරනු ලබන සෑම පුද්ගලයෙකුටම එන්නතින් මිලි ලීටර් 0.5 ක් ලබා ගැනීම සහතික කළ යුතු වන අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය දන්වා ඇත්තේ අවසාන අදියරේදී කුප්පියෙන් අදාළ මාත්‍රාව ලබා ගත් නොහැකි නම් පමණක් ඉතිරි පරිමාව ඉවත දැමිය යුතු බවයි.
එසේ වුවද මේ සඳහා නිසි පුහුණුවක් හෝ අදැනුමවත් කිරීමක් ලබා දීමට සෞක්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීම හෙතුවෙන් බොහෝ විට මාත්‍රා 10ක් කුප්පියන් ලබා ගත් පසුව ඉතිරි වන ප්‍රමාණය කුප්පිය සමඟම බැහැර කෙඩරන බවත් ඒ අනුව මේ වනවිට එන්නත් 18000ක් පමණ අපතේ ගොස් ඇති අතර පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවකයන්ට සහ වෛද්‍ය සිසුන් වැනි අවදානම් කොටස්වලට මේ එන්නත් ප්‍රමාණය ලබා දිය හැකිව තිබූ බවදද විශේෂඥයන් අදහස් දක්වා තිබිණි.