සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ශ්‍රිලනිපයේ විනාශයට මමත් වගකිව යුතුයි”

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් පක්ෂය ගැන විශේෂ ප්‍රකාශයක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පක්ෂයේ පරිහානිය මතක් වෙනනොට උදේට නැගිටින්න හිතෙන්නෙත් නෑ.

මගෙන් පසුව ආපු නායකයෝ දෙන්නම පක්ෂය විනාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ලබා තිබෙන පරිහාණියට එක්තරා ආකාරයකට මමත් වගකිව යුතු යයි සමහර වෙලාවට සිතෙන බවත් ඒ තමන් කළ දේවලට වඩා නොකළ දේ නිසා බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

කෙසේ වුවද ඇය පවසන්නේ පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට තමන් ද එකතුව 2015 දී බලයට පත් කළ පුද්ගලයා බව ද පවසන හිටපු ජනාධිපතිවරිය තමාගෙන් නසුව බලයටලෙත් වූ නායකයන් දෙදෙනාද පක්ෂය විනාශ කිරීමට කටයුතු කළ බව සඳහන් කරයි. ඇය මේ බව සඳහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තම නිවසේ බිහිවුණු දෙමාපියන් විසන් පෝෂනය කළ තමන්ද නායකත්වය දුන් රටට සේවයක් ඛලශ්‍රි ලංකා නිදහස් පක්ෂය ට අද සිදුව තිබෙන ඉරණම දකින විට උදේට නැගිටින්නටවත් සිත් නොදෙන බවද අද මාද්‍යයට විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් ඇය පවසන්නීය.
එහි තවදුරටත් අදහස් දක්වන කුමාරතුංග මහත්මිය “මේ පක්ෂය හැදුවේ මගේ පියා. මේ පක්ෂය හැදුණේ අපේ ගෙදර. පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කළේ අපේ නිවෙස්වල. මේ රටට වැඩිම දේවල් ලබා දුන්න පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය. තාත්තාගෙන් පස්සේ අම්මා මේ පක්ෂය තවදුරටත් ශක්තිමත් කළා. ඊට පස්සේ මම ත් මේ පක්ෂය ශක්තිමත් කළා. ඇය හොඳ සංවිධානාත්මක රාමුවක් ඇති කළා. ඊට පසුව මටත් අවස්ථාවක් ලැබුණා. 1994 දී වසර 17ක් ගුටි කකා පැරදි පැරදි හිටපු අපට ලොකු ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වුණා. අප කළ හොඳ වැඩ නිසා අඛණ්ඩව අවුරුදු 23ක් පක්ෂයක් ලෙස බලයේ සිටින්නට අපට හැකියාව ලැබුණා. ඒ විශේෂයෙන් මම කළ වැඩ නිසා. සමාවෙන්න මම මම ගැන කියන්න කැමති නෑ. ඒත් දැන් කියන්න වෙලා තියෙනවා.
මම කාලයක් දේශපාලනයෙන් ඈත් වෙලා ඉඳල 2015 ඇයි ආවේ. මම අවේ රටට වෙන ඇබැද්දිය පක්ෂයට වෙලා තිබෙන ඇබැද්දිය දැකල මම ආවේ. 2015 මහ සිහිනයක් දැක්කා.මේ රටගොඩ ගන්න. අපේ පක්ෂය ගොඩ ගන්න. මම යූ.එන්.පී එකට එකතු වුණා කියල සමහරු කීවා. වැරදි කරලා මම පන්නපු අය තමයි කියන්නේ යූඑන්පියට එකතු වුණා කියල. 2015 මම ඒ තීන්දුව ගත්තේ තනියම මම යූඑන්පියට යන්නේ නැතිව මගේ සහයෝගය රටට දෙනන්. රටට කරන විනාශය නවත්වන්න. මට ඊට හඑකතු වෙන්න කියල බොාහා් දෙනකු කිව්වා. සෑම පක්ෂ ජාති භේද නැතිව බොහෝ දෙනෙක් කිව්වා. සෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු සිවිල් සමාජ බලවේග දේශපාල පක්ෂ මට කතා කරා . මම කිව්වා යූ.එන්.පී එකත් එක තනියම බෑ. සන්ධානයක් හදමු කියල. මමයි සන්ධාන සංකල්පයත් ගෙනාවේ. සිවිල් සංවිධාන 49ක් එකතු වෙලා අපි මහා වැඩපිළිවෙළක් හැදුවා. අපට මහා දර්ශනයක් තිබ්බා. අවුරුදු තුනක් මම සහ තවත් කණ්ඩායමක් මේ වැඩපිළිවෙළ සැලසුම ලිව්වා. දින සීයේ වැඩ පිළිවෙල හැදුවේ ඒකෙන්.එයත් පසුව වෙනස් වුණා.
රට සහ පක්ෂය වෙනුවෙන් මම එකතු වුණේ. නමුත් එය සම්පූර්ණයෙන් කඩා වැටුණා.මේක තනිකරම බිඳ දැම්මේ එක් පුද්ගලයෙක් ඒ අපි බලයට ගෙනාපු පුද්ගලයා. මට පස්සේ ආපු නායකයෝ දෙන්නම කළේ පක්ෂය විනාශ කරන එක. එක්කෙනෙක් ලංකාවේ ඉන්න ලොකුම කැසිනෝකාරයා ලොකුම කුඩු කාරයා ඉන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂයක් බවට පතක්කළා. මේක නිර්මල දර්ශනයක් ප්‍රතිපත්තියක් කිබුනු පක්ෂයක්. බණ්ඩාරනායක ප්‍රතිපත්ති තිබ්බට වැඩක් නෑ ඒවා එයාලට බාධාවක්.ඔවුන්ට ඕන වුණේ ඒව විනාශ කරන්න. මට පුළුවන් තරම් බාධා කළා. ඊට හේතුව ජීවතුන් අතර හිටපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙන්න පුළුවන් එකම බණ්ඩාරනායක මම නිසා. ඒත් මෙය ශක්තිමත් පක්ෂයක්. නිර්මල දර්ශනයක් තිබෙන ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් කිහිප දෙනකුගේ ලෙයින් බිහි වුණ පක්ෂයක් විනාශ නරන්න බෑ. මහා රූක්ෂයක් කඳ කැපුවට මුල් තදින් බැස තිබෙනවා නම් ගහ ලියලාගෙන එයි. ඒ වෙනකොට මම ජීවත් වෙයිද කියන්න බෑ. නමුත් එවැනි රෑක්ෂ ගසක් වැනි පක්ෂයක් යළිත් ගොඩ නගන්න තරුණ පරම්පරාවට සහය දෙන්න මම සූදානම්“ යයිද ඇය සඳහන් කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පිපිරීමකින් ජීවිතක්ෂයට පත් වූ මාතර තරුණයා

Next Post

දිගන ගිගුරුම් හඬ නුවර අනාගත භූ කම්පාවක අනතුරු හැඟවීමක් ද?

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.