ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන දිස්ත්‍රික් සංගම් නිලධාරීන් විශාල පිරිසක් සිටින බව ලංකාසරට වාර්තාවේ.
ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව දිස්ත්‍රික් හා පළාත් සංගම්වල නිලතලවලට නිලධාරීන් පත් කරනු ලබන්නේ ස්වේච්ඡා සේවයක් සිදු කිරීමටය.
ඒ අනුව මෙතෙක් එවැනි නිලධාරීන්ට ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ගෙවීමක් සිදු කරනු නොලැබුවත් වත්මන් ක්‍රිකට් බලධාරීන් විසින් දිස්ත්‍රික් රැසක සභාපති, ලේකම් හා උප සභාපති වරුන්ට මාසිකව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා වැටුපක් ගෙවීමට කටයුතු කර ඇත.
මෙය හුදෙක් එළඹෙන නිලවරණයේදී ඔවුන්ට ලබා දෙන අල්ලසක් බව සාමාජිකයෝ පවසති.
මෙසේ වැටුප් ලබන පිරිස අතර හම්බන්තොට (5), මාතර
( 1 ), ගාල්ල (3), මොණරාගල( 2) , මහනුවර(3), මාතලේ ( 9), අම්පාර ( 1), මඩකලපුව ( 1), ත්‍රිකුණාමලය ( 1), වවුනියාව ( 1) යන දිස්ත්‍රික්වල සභාපතිවරු, ලේකම් වරු, උප සභාපතිවරු හා භාණ්ඩාගාරිකවරු වෙති.
මොවුන්ට වැටුප් ලබා දීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්වල සම්බන්ධීකාරක යනුවෙන් තනතුරු නිර්මාණය කොට තිබේ.
මේ අතර වැඩිම තනතුරු සකස් කොට දී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවම දියුණුවක් ඇති මාතලේ දිස්ත්‍රික්කයේ වීම විශේෂත්වයකි. එම සංඛ්‍යාව 9 කි.
එම දිස්ත්‍රික්කයේ ප්‍රබලයා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුරක් හොබවන අයකු වන අතර ඔහුගේ දරුවන් හා නෑයන් පිරිසකටද විවිධ තනතුරු පිරිනමා මාසික දීමනා ලබා දී ඇත.
මේ අනුව ක්‍රිකට් ව්‍යවස්ථාවට පටහැනිව මෙසේ වැටුප් පිරිනැමීම බරපතල වරදක් බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.