මහජන බැංකුව සතුව පවතින ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැවැන්ත ණය බර වගකීම රාජ්‍ය භාණ්ඩාගාරය විසින් දරන බවට සහතික වී ඇතැයි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ පවසයි.
සන්ඩේ ටයිම්ස් පුවත් පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එහිදී සඳහන් කර ඇත්තේ ඉදිරියේදී ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ආනයන සඳහා විවෘත කළ ණයවර ලිපිවලට අදාළ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරය විසින් දරනු ලබනු ඇති බවය. මෙම ණය බර භාණ්ඩාගාරය ඉසිලිම මහජන බැංකුවට විශාල සහනයක් වනු ඇති බවද සුජීව රාජපක්ෂ සභාපතිවරයා පවසයි.
එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ මේ වනවිට ශ්‍රි ලංකන් ගුවන් සේවයට ණය ලබා දීම නවතා ඇති බවයි. පවතින ඉහළ පොලී අනුපාත මත ණය පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් ණය හිමියන්ට ණය ගෙවීමේ අපහසුතා ඇති වීම මේ දිනවල සෑම බැංකුවක්ම මුහුණ දෙන අභියෝගයක් බව ඔහු කිවේය.
එයින් අක්‍රිය ණය ප්‍රමාණය ඉහළ යන අතර බැංකුවල එය කළමනාකරණය කරගෙන කටයුතු කිරීමට සිදුව ඇති බව ද සභාපතිවරයා සඳහන් කරයි.
බැංකුවලට මේ දිනවල ද්‍රවශීලතාව පවත්වාගෙන යාම සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් පවත්වාගෙන යාම ඇතුළු වැදගත් සාධක කිහිපයක් පිළිබඳව බැංකුවලට සලකා බැලීමට සිදුව ඇති බව ද සඳහන් කර ඇති හෙතෙම රාජ්‍ය භාණ්ගාරයට වැඩි කොටස් හිමි බැංකුවක් ලෙස මහජන බැංකුවේ දැක්ම හුදෙක් ලාබ ලැබීම ම නොව රටේ සහ මහජනතාවගේ සුබසිද්ධිය සඳහා දායකත්වය ලබදීම බව ද පවසා ඇත.