ඇස්තමේන්තු කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 1.59 ක් වැරදි ලෙස කළමනාකරණය වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්සත් ජාතීන්ගේ සංවර්දන වැඩසටහන (UNDP) අද (ජුනි 05) දිනට යෙදී ඇති ලෝක පරිසර දිනය සමරමින් පැවසීය.
UNDP සිය ප්‍රකාශයේ සඳහන් කළේ සංඛ්‍යාලේඛන ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම සඳහා කළ යුතු කාර්යය පිළිබඳ පැහැදිලි මතක් කිරීමක් කරන බවයි.
පරිසර දූෂණයෙන් විසඳුම් වෙත යාමට ශ්‍රී ලංකා රජයට ලබා දුන් සහයෝගය පිළිබඳව UNDP එහිදී ප්‍රකාශ කොට ඇත.







