මනම්පිටිය නිමල් ජයරත්න –
පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේ, තණකොළ කෑම සඳහා ගසක බැඳ සිට මී ගවයන් දෙදෙනකු එසේ බැඳ සිටියදීම මරා මස් කරමින් සිටි පුද්ගලයකු අද (6 ) අළුයම ලොරියක් සමග පොලොන්නරුව පොලිස් දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු පොලොන්නරුව සුංගාවිල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60 ක් වයසැති පුද්ගලයෙකු බවත් ඔහුත් සමග පැමිණි දෙදෙනකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් විමර්ශන අංශ කියයි.
ගල්ලෑල්ල ප්‍රදේශ්යේ පුද්ගලයකුට අයත් මී ගවයන් කිහිපදෙනෙකු තණකොල කෑම සඳහා සඳහා ගල්ලෑල්ල රක්ෂිත කොටසක ලණුවලින් බැඳ සිටි ඉන් මී ගවයින් දෙදෙනෙකු ඇටකටු ඉතිරිවන පරිදි මරා මස්කර මෙම අපරාධය සිදුකර ඇති බව පොලිසිය පවසයි,
මෙම මස් පොලොන්නරුව තඹාල, සුංගාවිල, ප්‍රදේශ්යේ මස් කඩවලට ලබාදීමට සූදානම් කර තිබූ බවද පොලිසිය හෙළිදරවු කරගෙන ඇත,
පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ සහ සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වාගේ උපදෙස් මත පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ගුණතිලක, කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ආසිරි බණ්ඩාර, මෙහෙයවීමෙන්. පොලිස් සැරයන්, 50755 නිමල්, පොලිස් කොස්තාපල් 28488 ධර්මසිරි, පොලිස් කොස්තාපල් 99955 හේරත් යන පොලිස් නිලධාරීන් මෙම වැටලීම් සිදුකළහ.







