ශ්‍රියානි විජේසිංහ –
කෝටි 04ක් වැය කර වර්ෂ 2018 දී මහරගම අපේක්ෂා රෝහලට මිලදි ගත් ස්වයංක්‍රීය එන්නත්කරන යන්ත්‍රය වසරක පමණ කාලයක සිට භාවිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන්නැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලිමක් කරයි.
පෙට් ස්කෑන් පරික්ෂණයක් සිදුකිරීමට පෙර රෝගියාට එන්නත් ලබාදිය යුතු වන අතර එම එන්නත විකිරණ විද්‍යා තාක්ෂණවේදියෙකු මගින් ලබා දීමේදී ඔහුට විකිරණ වැඩි ප්‍රමාණයකට නිරාවරණය වීමට සිදුවන බැවින් එය අවම කර ගැනීමේ අරමුණින් යැයි පවසමින් මෙම යන්ත්‍රය මිලදී ගෙන ඇති බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සදහන් කරයි.
කෙසේ නමුත් මේ වන විට මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කැතිටර් ර්වගයක් නොමැති වීමෙන් භාවිතයෙන් ඉවත් කර ඇති නමුත් පෙට් ස්කෑන් පරික්ෂණ කර ගැනීමට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය එන්නත විකිරණවේදීන් විසින් එන්නත් කරනු ලබන බවද සභාපතිවරයා පැවසුවේය.
කෙසේ නමුත් රෝහල් බලධාරීන් පරමාණු බලශක්ති නියාමන කොමිෂම මගින් විමසීමක් කළ විට ඔවුන් පවසා ඇත්තේ මෙම එන්නත රෝගියාට ලබා දීමට යන්ත්‍ර අවශ්‍ය නොවන බවත් තාක්ෂණවේදියෙකුට මෙය ලබා දිය හැකි වන බවත්ය.
මෙහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම එන්නත ලබා දීම මගින් තාක්ෂණ නිලධාරීයෙකු විශාල විකිරණ ප්‍රමාණයකට නිරාවරණය නොවන බව යැයිද හෙතෙම පැවසුවේය.
තත්ත්වය එසේ නම් මෙම එන්නත රෝගියාට ලබා දිම සඳහා කෝටි 4ක් වැය කරමින් මෙම යන්ත්‍රය මිලදී ගෙන ඇත්තේ කාගේ වුමනාවටද යන්න වහාම පරික්ෂණයක් පවත්වන්නැයි සංගමය සෞඛ්‍ය අමාතයංශයෙන් ඉල්ලා සිටියි.