ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමේ සිට තිරසාර වර්ධනයක් කරා මෙහෙයවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 166 ක ආයෝජනයක් ප්‍රකාශයට පත් කර ඇත.
මෙම මූල්‍ය පැකේජයේ ප්‍රධාන අරමුණු සහ ක්‍රියාකාරීත්වය අංශ තුනක් ඔස්සේ අවධාරණය කර තිබේ. එකක් නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීමය.
දෙවැන්න කාන්තා ව්‍යවසායිකාවන් සතු ව්‍යාපාර සහ කෘෂි ව්‍යාපාරික ක්ෂේත්‍රය (Agri-business) සවිබල ගැන්වීම කෙරෙහි ඩි අවධානයක් යොමු කිරීමය.
ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින්, සියලු දෙනා ඇතුළත් කරගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීම සහ අවස්ථා අහිමි වූ කණ්ඩායම් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම තෙවැන්නය.
ආයෝජනය බෙදී යන ආකාරය
මෙම ආයෝජනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික වාණිජ බැංකු තුනක් හරහා උපායමාර්ගිකව සිදු කර ඇති අතර එය කොටස් තුනකින් සමන්විත වේ:
- ඩොලර් මිලියන 50 ක ණය පහසුකම්.
- ඩොලර් මිලියන 80 ක අවදානම් සහභාගීත්ව පහසුකම් (RSFs).
- ඩොලර් මිලියන 36 ක වෙළඳ මූල්‍ය ආධාර.
ලෝක බැංකු සමූහයේ සහ ජාතික ප්‍රමුඛතාවලට අනුකූලව ක්‍රියාත්මක වන මෙම හවුල්කාරිත්වය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුහුණ දෙන අභියෝග ජය ගැනීමට සහ රටේ දිගුකාලීන ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට ඉලක්කගත විසඳුම් ලබා දීමට අපේක්ෂා කරයි.
මීට අමතරව, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාගැනීමේ පහසුව වැඩි කිරීම සඳහා ආරක්ෂිත ගනුදෙනු ලේඛනයක් (Secured Transactions Registry – STR) පිහිටුවීමට ද මෑතකදී ජාත්‍යාන්තර මූල්‍ය සංස්ථාව සහාය ලබා දී ඇත.
ආරක්ෂිත ගනුදෙනු ලේඛනයක් යනු ණයක් සඳහා ඇපයක් ලෙස භාවිතා කරන චංචල වත්කම් (පුද්ගලික දේපළ) සඳහා ණයහිමියාගේ නීත්‍යානුකූල උනන්දුව වාර්තා කිරීමට භාවිතා කරන මධ්‍යගත, පොදු දත්ත සමුදායකි.
මෙතෙක් කල් ණය ලබා දීමේ දි බැංකු විසින් විශ්වාසය තැබුවේ ඉඩම් වැනි “නිශ්චල” ඇපකරයට ය. නමුත් සඳහා ආරක්ෂිත ගනුදෙනු ලේඛනය මඟින් විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන් දැනටමත් සතු වත්කම් එනම් යන්ත්‍රෝපකරණ, පශු සම්පත්, අයෝජනයේ ප්‍රතිලාභ ඉදිරිපත් කර මූල්‍යකරණය සුරක්ෂිත කිරීම සඳහා ඇප ලෙස භාවිතා කිරීමට ඉඩ සලසයි.







