රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුවේ ඇමති තනතුරතුරු දරාගෙන ඔහුගේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ සහයෝගය නොදක්වන්නේ නම් එහි සිටින මන්ත්‍රීවරු 06ක් පක්ෂය අත්හැර ඍජුව නව ආණ්ඩුව හා එක්වීමට සැලසුම් කර තිබේ.
මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද සිල්වා, චාමර සම්පත්, ජගත් පුෂ්පකුමාර, යන අය මෙම තීරණය ගෙන ඇති බව ඉතා විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුව සමග එක්වන ලෙස මෙම මන්ත්‍රී කණ්ඩායම පසුගිය දින කීහිපයේ සිටම හිටපු ජනාධිපති මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට දිගින් දිගටම දන්වා ඇති අතර එසේ නොවන්නේ නම් ඔවුන් හෙට ඍජුවම ආණඩුවට එක් වීමට නියමිතය.
මේ අතර එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ඊයේ (15) දිනයේ පැවැත්වූ බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා පැවැත්වන බව දැනගැනීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන වික්‍රමසිංහ වෙත දැනුම් දී ඇත්තේ ආණ්ඩුව ගෙනයන හොඳ වැඩපිළිවෙළට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය ලබා දෙන බවය.
මන්ත්‍රීවරු හය දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ වැටඋඩ සිට ආණ්ඩුවට සහයෝගය දෙනවාට වඩා පූර්ණ කාලීනව එම වැඩපිළිවෙළට සහයෝගය ලබා දීම කළ යුතු බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන්ම ආණ්ඩුවට සහයෝගය දැක්වීමෙන් වැලකී පක්ෂය සාකච්ඡා කර මේ සම්බන්ධව අවසන් තීරණයකට පැමිණිය යුතු බව ඔවුන්ගේ මතය වී ඇත.
මේ අය අතුරින් කීප දෙනෙකුගේ නම් ඇමති ධුර සඳහා ද යෝජනා වී ඇත. ඔවුන් අද හෝ හෙට උදේ එම තනතුරු භාර ගැනීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ඊයේ සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන නව ආණ්ඩුවට සහය ලබා නොදීමේ සිය ස්ථාවරය වඩාත් වේගයෙන් වෙනස් කර නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට එක්වෙනවා ද නැද්ද යන්න තීන්දු කිරීමට අද රැස්වන බව මාධ්‍යයට පැවසුවේය.
කියවන්න…
නව කැබිනට්ටුවේ ඇමතිකම් භාර ගන්නවා නැද්ද?… ශ්‍රී.ල.නි.ප තීන්දුව අද….
රනිල්ගේ ආණ්ඩුවට කිසිම ආකාරයකින් සහයක් නෑ – ශ්‍රී.ල.නි.ප. ය කියයි!