රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍ය ධුරයෙන් පිහිටුවන නව රජයට කිසිම ආකාරයක සහයෝගයක් දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
අද දහවල් රැස් වූ ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව රටේ වත්මන් තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳව පැය තුනකට වැඩි කාලයක් සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේය.
මීට මාස තුනකට කලින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඒ ගැන සාකච්ඡා කළ ද ඉන් කිසිම පලක් නොවුණු බවත් ඔහු සඳහන් කළේය.
මේ පවතින පසුබිමේ නව ආණ්ඩුවේ ඇමතිකම් හෝ වෙනත් තනතුරු ලබා ගැනීමටත් කිසිම ආකාරයක කොටස් කරුවන් වීමටත් ශ්‍රී.ල.නි.ප ය මධ්‍යම කාරක සභාවේ කිසිදු අනුමැතියක් නොලැබුණ බව මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කීවේය.







