බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුනු හිස් කඳන් දෙකක් එක්ව ගොඩනගන මේ ආණ්ඩුවේ වලංගු භාවය කුමක් ද?!

මේ ආණ්ඩුව අන්තර්වාර පාලන ආණ්ඩුවක් ද?... එහි කාල සීමාව කොපමණ ද?... මේ කිසිම දෙයක් ගැන මොවුන් කියන්නෙ නෑ....

by editor
මැයි 13, 2022
in දේශපාලන
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු ආසනයක් දිනා ගැනීමට නොහැකි සේ මහ මැතිවරණයේ දී පරාජය වී ප්‍රතික්ෂේප වුනු රනිල් වික්‍රමසිංහත්, 69 ලක්ෂයක ජන වරම අවුරුදු දෙකක් තුළ අහිමි කරගත්  ගෝඨාභය රජපක්ෂත් යන ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ හිස් කඳන් දෙක  මහ ජන මතය  සාහසික ලෙස විකෘති කරමින් හදා ගත් මේ ආණ්ඩුවේ ප්‍රජාතාන්ත්‍රික වලංගුබව කුමක්දැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රශ්න කරයි.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹ දී පැවැත්වුනු  මාධ්‍ය හමුවක් අමතමිනි.

මහබැංකු කොල්ලයෙන් රටේ ශක්තිමත් ආර්ථිකය බිඳ දැමූ බව කියා බලයට පැමිණි ගෝඨාභය ආණ්ඩුව වසර දෙකක් තුළ ආර්ථිකය විනාශ කර  තමන් විනාශ කළ ආර්ථිකය ගොඩ නැන්වීමට යළි රනිල් වික්‍රමසිංහ කැඳවා ගැනීම  අමන දේශපාලන ත්‍රාඩකමක් බවත් පරාජය කළ යුත්තේ මේ මජර දේශපාලන සංස්කෘතිය බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසීය.

මහජනයාගේ ආණ්ඩු විරෝධය කිසිසේත්ම සැලකිල්ලට භාජනය නොකළ තීන්දුවක් ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙය ජනතාවගේ හඬ හෑල්ලුවට ලක්කළ ගෝඨාභය රාජපක්ෂගේත් රනිල් වික්‍රමසිංහගේත් තක්කඩි ක්‍රියාවක්. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලුවොත් මේ සම්බන්ධයෙන් තිබෙන වලංගුතාවය මොකක්ද?.

මහා මැතිවරණයට තරග කර, මන්ත්‍රී ධුරයක්වත් දිනාගත නොහැකි වූ කෙනෙක්, පෙර මැතිවරණවලදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂ ගණනක් ගත් කෙනා පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්න වත් ඡන්ද ගන්න බැරිවුණු කෙනෙක්. 2015-2019 විනාශකාරී ප්‍රතිපත්තියට විරුද්ධව ජනතාව ඔහුව ගෙදර යැවුවා.

මෙතරම්ම ජනතාව ප්‍රතික්ෂේප කරන ලද රනිල් වික්‍රමසිංහත්, තමන්ට ඡන්දය දුන් සියලු බලවේගත් අවුරුදු දෙකහමාරක් තුළ අහිමි කර ගත් ගෝඨාභය රාජපක්ෂත් එකතු වෙලා පාලනයක් පිහිටුවා ගැනීම එකඟ වෙන්නේ කුමන ප්‍රජාතන්ත්‍රවාදයකටද? මේ දෙදෙනාම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ හිස් කඳන් දෙකක් විතරයි.

ගෝඨාභය, රනිල්ව විශ්වාස කරනවා, රනිල්, ගෝඨාභයව විශ්වාස කරනවා. ඒ හැර පොදු ජනතාව මේ දෙදෙනාවම විශ්වාස කරන්නේ නැහැ. 2018 ඔක්තෝබර් මස සිදුකළ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව ඇටවීමට වඩා මෙය වෙනස් වෙන්නේ කොහොමද?

ජනවරමට මුළුමනින්ම පිටුපා මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂව එදා අගමැති ධුරයට පත්කළා. ඒ හා සමානම ක්‍රියාමාර්ගයක් ගෝඨාභය රාජපක්ෂ විසින් අද කර තිබෙනවා. ඔවුන් මේ සෙල්ලම් කරමින් ඉන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත සහ ජනතාවගේ අදහස් සමගයි.

ගෝඨාභය රාජපක්ෂගේ 69 ලක්ෂයක ජනවරමේ ගැබ් වී තිබෙන්නේ කුමක්ද?  මහබැංකු මංකොල්ලයේ මහ මොළකරු පරාජයට පත්කරන්නයි. පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩහැර අගමැතිවරයාගේ වගකීම ඉටුනොකිරීම නිසා රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙනවා කියලයි ගෝඨාභය බලය ගත්තේ. ඒ වගේම හම්බන්තොට වරාය විකිණීම ඇතුළුව ජාතික දේපොළ විකිණීමට එරෙහිවත් රනිල් වික්‍රමසිංහ දිගටම අනුගමනය කළ දේශපාලන සංස්කෘතියට එරෙහිවත් ජනවරමක් ගෝඨාභය රාජපක්ෂට ලැබුණා. ඒ ජනවරමට විරුද්ධව අද ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහව අගමැති ලෙස පත්කළා.

ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු හැමදෙනාම ආර්ථිකය සම්බන්ධයෙන් පසුගිය කාලයේ කීවේ 2015 වන විට තිබුණු ශක්තිමත් ආර්ථිකය 2019 දක්වා රනිල් වික්‍රමසිංහ යටතේ බිඳදමන ලද බවයි. මහ බැංකුවේ බැඳුම්කර වංචාව අපේ රටේ ආර්ථිකයේ කුලුනු බිඳ දමන්න හේතුවුණු බවයි කීවේ. අද ආර්ථිකය බිඳ වැටීමේ විශාලම පංගුවක් රනිල් වික්‍රමසිංහ විසින් දැරිය යුතු බව ගෝඨාභය, මහින්ද ඇතුළු මුළු ආණ්ඩුවම කීවා.

අද ඔවුන් එකතු වෙලා ආර්ථිකය ගොඩනඟන බව කියනවා. මේ රටේ පුරවැසියන් මේ කෑදර, මජර දේශපාලන සංස්කෘතිය අනුමත කරන්නේ නැහැ. රනිල්ට විවේචන එල්ල කරමින් ඔහු පරාජය කළ යුතු බව කියා ජනවරම ලබාගෙන ඔහුගේ කරට අතදාලා ආණ්ඩුවක් පිහිටුවා ගත්තා.

ඒ නිසා අද පරාජයට පත් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ විතරක් නොවෙයි. ඔවුන්ගේ කැත, කිළිටි, මජර දේශපාලන සංස්කෘතියමයි. එය මුළුමනින්ම පරාජයට පත් කළ යුතුයි. ඔවුන් මේ ක්‍රියාමාර්ගය ගත්තේ ආර්ථිකය ගැන හෝ රටේ ජනතාව ගැන හිතලා නොවෙයි.

රනිල් වික්‍රමසිංහ හැමදාමත් රාජපක්ෂගේ ගැලවුම්කරු වුණා. රනිල් වික්‍රමසිංහ හැමදාමත් රාජපක්ෂලාගේ ආරක්ෂක කුලී හේවායෙක්. 2015 දී මුළු ජනවරමම ගැබ්වී තිබුණේ රාජපක්ෂ පවුල විසින් සිදුකළ මිනිස් ඝාතනයන් ඇතුළු අපරාධවල වගඋත්තරකරුවන් හැටියට දඬුවම් දීමටයි. ඒ වගේම සුදු වෑන් සංස්කෘතියේ නිර්මාතෘවරුන් වූ ගෝඨාභය ප්‍රමුඛ අපරාධකරුවන්ට දඬුවම් දෙන බව කීවා.

නමුත් රනිල් වික්‍රමසිංහ 2015 මුළු ජනවරමම පාවාදුන්නා. නිලධාරීන්ට බලපෑම් කර පරීක්ෂණ යට ගැහුවා. හිටපු පොලිස් ඇමති ගාමිණී සෙනරත්ව තමන්ගේ ගෙදර හංගාගෙන හිටියා. මේ පවුල් දෙක හැමවෙලාවෙම එකිනෙකා ආරක්ෂා කළා. අදත් රාජපක්ෂ පවුල, රාජපක්ෂලාගේ ත්‍රාඩ දේශපාලනය බිත්තියටම හේත්තුවෙලා තියෙන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඇඳිවත පවා උනා දමා රාජපක්ෂලාගේ ආරක්ෂක කුලී හේවායා හැටියට කටයුතු කරනවා.

පසුගිය සති දෙක තුන ඇතුළත රාජපක්ෂලාගේ මුළු දේශපාලනයම අවලංගු වී ගියා. ඔවුන්ගේ වංචා දූෂණ කරළියට ආවා. මේ නිසා නීතිය අතට ගැනීම අපි අනුමත නොකළත් තරුණයන් ගුවන් තොටුපොළවල් වටකරගෙන හිටියා. ඔවුන්ට පැනලා යන්න ඉඩ නොදිය යුතුයි කියන තැනට පුරවැසියන් ඇවිත් තියෙනවා. කටුනායක, රත්මලාන, මත්තල වගේ ගුවන්තොටුපොළවල් ආසන්නයේ දහස් ගණන් රැකවල්ලාගෙන සිටියා. මහින්ද රාජපක්ෂට අරලියගහ මන්දිරය අත්හැර රාත්‍රියේ පලායන්න සිදුවුණා.

මහජනයාගේ දේපොළ හොරකම් කිරීමේ වරදට, මහජනයාගේ ආර්ථිකය විනාශ කිරීමේ වරදට, ජනමතයට කිසිසේත්ම ඇහුම්කන් නොදීමේ වරදට අද බංකරයක ඉන්න සිදුවී තිබෙනවා. අන්න ඒ රාජපක්ෂලාගේ ගැලවුම්කරුවා ලෙස රනිල් වික්‍රමසිංහ කරළියට ඇවිත් ඉන්නවා. මෙම විනාශකාරී පාදඩ දේශපාලන සංස්කෘතිය නතර කරන්න ඕනෑ. ජනතාව රනිල්ට විරුද්ධව ගෝඨාභයට ඡන්දය දෙනවා. ගෝඨාභයට විරුද්ධව රනිල්ට ඡන්දය දෙනවා. අවසානයේ දෙන්නා මාලිගා කුමන්ත්‍රණයකින් රට පාලනය කරන්න එනවා. මේ කැත දේශපාලන සංස්කෘතිය පරාජය කරන්න ඕනෑ.

ගෝඨාභයට ගෙදර යාමට බලකිරීමටත් රනිල් වික්‍රමසිංහත් යොදවාගෙන අටවා ගන්නා ආණ්ඩුවට සහ ජනතාවගේ දේපොළ හොරකම් කළ හොරුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමටත් ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් අපේ රටට අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට කැපවී සිටිනවා.

මේ පාර්ලිමේන්තුව ජනතාවගේ ඇත්ත වුවමනාවන් නියෝජනය කරන තැනක් නොවෙයි. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට තවදුරටත් රට පාලනය කරන්න ජනවරමක් නැහැ. මේ බව නීතිඥ සංගමය, මහානායක හිමිවරුන්ගේ යෝජනා, සෝභිත හාමුදුරුවන්ගේ යෝජනා සහ වෙනත් දේශපාලන ව්‍යාපාර ඉදිරිපත් කර තිබූ යෝජනාවල ගැබ්වී තිබෙන්නේ කෙටි කාලයක් තුළ අලුත් ජනවරමක් අවශ්‍ය බවයි.

ජනවරම නියෝජනය නොකරන මේ විකෘති පාර්ලිමේන්තුවට අපේ රට සහ ජනතාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අයිතියක් නැහැ. ඒ නිසා ඉතා ඉක්මනින් නව පාර්ලිමේන්තුවක් තෝරා ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදිය යුතුයි.

එය පමාකරන්නේ රනිල් වික්‍රමසිංහයි. ඔහු කොතැනක හෝ අන්තර් පාලන කතාවක් කියන්නේ නැහැ. මේ විගඩම්කාරී පාලනය අවසන් කරන කාලයක් කියන්නේ නැහැ. ඔහු කල්පනා කරන්නේ රාජපක්ෂලාගේ ආරක්ෂාව සහිතව, වැටුණු ඔටුන්න ආරක්ෂා කර ගැනීමයි.

මේ කැත, මජර, ඩීල් දේශපාලනය පිළිකුල් කළ යුතුයි. ගෝඨාභයටත් මේ ආණ්ඩුවටත් මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියටත් වංචනිකයන්ට එරෙහිවත් ගොඩනඟා තිබෙන ව්‍යාපාරය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන්න එක්වන ලෙස ආරාධනා කරනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාලුමුවදොර රැකගන්න හැදූ  ඩී.අයි.පී චම්පිකට ස්ථාන මාරුවක්!

Next Post

රනිල්ගේ ආණ්ඩුවට කිසිම ආකාරයකින් සහයක් නෑ – ශ්‍රී.ල.නි.ප. ය කියයි!

Related Posts

දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026
sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.