නියෝජ්‍ය කතානායක ධුරය සඳහා සමගි ජනබලවේගයෙන් මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කරනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ලබා දීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වේ.
මේ වනවිට සමගි ජන බලවේගයෙන් ඉමිතියාස් බකීර් මාකර් සහ රෝහිණී කවිරත්න යන දෙදෙනාගේ නම් යෝජනා වී තිබේ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුගේ නමක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ඉහත දෙදෙනාගෙන් කෙනෙක් ඉදිරිපත් කිරීමටත්, එසේ නොකරන්නේ නම් ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගැනීම් අතුළු කරුණු කීපයක් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම පැවැත්වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.
රටේ උද්ගත වී ඇති වත්මන් තත්ත්වයට අනුව රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළේ හොඳ වැඩවලට සහාය දැක්වීමට එම පක්ෂය තීරණය කර ඇත
ඒ පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.







