මෙරට අධිකරණ ඉතිහාසයේ ඓතිහාසික තීන්දුවක් දෙමින් කොළඔ මහ අධිකරණය විසින් ගම්පහ මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල මත පූර්ණ ආබධිත තත්ත්වයට පත්වූ දැරියක සඳහා රුපියල් කෝටි තුනක වන්දි මුදලක් ගෙවන ලෙස රජයට නියෝග කරනු ලැබීය.
අදාල දැරිය කළලයක්ව සිටි සමයේදී ඇයට සහ ඇගේ මවට ප්‍රතිකාර කළ ගම්පහ මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් උපන් බිළිඳිය ආබාධිත තත්ත්වයට පත්වූ බව දක්වා දැරිය වෙනුවෙන් ඇගේ මව නඩු මගට ගොස් තිබුණාය
ඒ් අනුව මෙම නඩුව වසර ගණනාවක් අධිකරණයෙන් විභාග වූ අතර එහිදී රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනීසිටියේය.
අගතියට පත්වූ දැරිය සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ වශයෙන් කරුණු දැක්වීම සිදුකරනු ලැබිය.
දැරිය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මේ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, ‟ ඇත්ත වශයෙන්ම දැරිය වර්ථමානයෙන් අබාධිත දැරියක් හැටියටයි කල් ගෙවන්නේ. ජීවිත කාලයම ඇයට ආබාධිත තත්ත්වයෙන් කල් ගෙවන්න සිදුවෙලා තියෙනවා. මේ කරුණු සහ දෙපාර්ශවය ඉදිරිපත් කළ සාක්ෂි සැලකිල්ලට ගෙන ගරු අධිකරණය විසින් තීන්දු කළා මෙම දැරියට රුපියල් කොටි 3ක මුදලක් රජය විසින් ගෙවිය යුතු බවට. එම මුදල ගෙවන්න රජයට නියෝග කළා.” යනුවෙනි.







