අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

රටේ ව්‍යසනයෙන් රුදුරු ලෙස බැට කන “ පෙති හැළුනු මල් කැකුළු“…

by editor
සැප්තැම්බර් 29, 2022
in සමාජ
offended boy

offended boy

Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූයේත්,  දැනට පවතින ආර්ථික ව්‍යසනයෙන් ද වැඩිම පීඩාවකට ලක්ව සිටින්නෙත් දරුවන්ය.

සාමන්‍ය දරුවකු එසේ පීඩාවට පත්වෙද්දී ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සාමාන්‍ය දරුවන්ට වඩා  දෙගුණ තෙගුණයකින් පීඩාවට පත්වේ. නමුත් මේ දරුවන් පිළිබඳව දක්වන සැලකිල්ල අඩුය.

වර්තමානය වන විට ලංකාවේ පාසල් දහ දහස් එකසිය හැට පහක්  පමණ ඇති අතර ලක්ෂ 46 ක් පමණ දරුවෝ  අධ්‍යාපනය ලබති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ළමා ජනගහනයෙන් සියයට 7.5 ත් 15  අතර ළමුන් පිරිසක් ආබාධ සහිත දරුවන් බව කියයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත වලට අනුව පාසල්වල    විශේෂ අධ්‍යාපන   ඒකකවල දරුවන් හත්දාහස් පන්සියයකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන බව  ජාතික අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්ය  හෙට්ටිආරච්චි කියයි.

” ලංකාවේ රජයේ  අනුග්‍රහය යටතේ පාලනය වන විශේෂ පාසල් විසිහයක් තියෙනවා ඒවායේ    දරුවන් දෙදහස් හයසියයකට  ආසන්න පිරිසක් ඉගෙනුම ලබනවා. මෙසේ දත්ත තිබුණත් මීට වැඩි අබාධිත සහිත දරු පිරිසක් අපේ පද්ධතිය තුල සිටිනවා. මහාචාර්ය හේමාලි පෙරේරා විසින් සිදුකරන සමීක්ෂණයකට අනුව ඇය කියනවා සෑම වසරකම පළමු ශ්‍රේණියට ඔටිසම් සහිත දරුවන්  හාරදහසක් පමණ වාර්ෂිකව  පාසල් පද්ධතියට ඇතුල් වෙනවා කියලා.“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ඒ වගේම තමන් තුළ පවතින සුවිශේෂී  ගැටලුවක් හේතුවෙන් ඉගෙනීම නොලැබෙන දරුවන් සියයට 20.5ක්   පමණ මෙම පාසැල් පද්ධතිය සිටින බව මහාචාර්ය සමන්මලී සුමනසේන පරීක්ෂණයකින් හෙළි කරලා තියෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ කියනවාට වඩා අබාධ සහිත දරුවන් පිරිසක් මේ පාසැල්  පද්ධතියේ සිටින බවයි.“

“නමුත් මේ දරුවන් හඳුනා නොගෙන ම පාසල් පද්ධතියෙන් එළියට යනවා. මොවුන් අතර බොහෝ බුද්ධිමත් දරුවන්  සිටින්නට පුළුවන්.”

ගෙවී ගියේ ගිය කාලයේ වැඩි දිනයක් තිබුණෙ  පාසැල් වරින් වර වසමිනි. එයට කොරෝනා වසංගතය මෙන්න පවතින ආර්ථික තත්ත්වය ද බලපෑවේය. මේ කාලය තුළ අධ්‍යාපනය කටයුතු සිදු වූයේ  මාර්ගගත ක්‍රමවේදය යටතේයි. නමුත් විවිධ හේතු කාරණා මත  බොහෝ දරුවන් පිරිසකට මාර්ගගත ක්‍රමවේදයෙන් අධ්‍යාපනය ලැබීම  අහිමිව ගියේය. ඇතැම් දරුවන්ට පහසුකම් පැවතියද එම ක්‍රමවේදයට අනුගත වීමට නොහැකි විය. සාමාන්‍ය දරුවෙකුට එසේ වූවා නම්  ආබාධ සහිත දරුවෙකුට කෙසේ වන්නට ඇතිද.

“අපේ  පාසැල් පද්ධතිය පසුගිය කාලයේ   වරින් වර වැසුවා . එක් දිනක් පාසල් වැසීමෙන්   ඉගෙනුම් පැය මිලියන 25 ක් අහිමි වෙනවා. ගුරුවරුන්ට  ඉගැන්වීමේ පැය මිලියන 14 ක් අහිමි වෙනවා. දරුවෙකුට පසුගියකාලේ  ඉගෙනුම් පැය කොතරම්   අහිමි වන්නට ඇතිද. සාමාන්‍ය දරුවකුටත් එසේ බලපෑම්  එල්ල වුනේ නම් ආබාධ සහිත දරුවෙකුට කොතරම් බලපෑම් එල්ල වන්නට ඇතිද?“.

“ ආබාධ සහිත දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ දරුවගේ ළඟම සිටයි .මේ දරුවන්ට මෙවලම් භාවිතා කරලා  අධ්‍යාපනය ලැබීමේ ක්‍රමවේදය හුරුව තිබුණේ නෑ. පසුගිය කාලේ ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වුණා. සාමාන්‍ය දරුවන්ටත් එය සිදු වුණා. ලංකාවේ දරුවන්ගෙන් සියයට 41 කට පමණයි පසුගිය කාලේ  අන්තර් අන්තර්ජාල පහසුකම් තිබුණේ. සියයට 16 පමණ දරුවෝ අමාරුවෙන් අන්තර්ජාල පහසුකම් ලබාගෙන තිබෙනවා. ඔවුන් ගස් උඩ නැගලා වහල උඩ නැගල තමයි ඒ පහසුකම ලබාගෙන තිබුණේ.“

“සියයට 42 ක් දරුවන්ට ප්‍රමාණවත් අන්තර්ජාල පහසුකම් තිබී නැහැ.මේ තොරතුරු හෙළි වුණේ යුනිස්කෝ සංවිධානය සමඟ කරපු සමීක්ෂණයකින්. ඒ වාගේම දෙමාපියන්ගේ ආර්ථික තත්වය  දෙමාපිය දැනුවත්භාවය මෙයට බලපාල තියෙනවා. පසුගිය කාලේ තත්වය මෙයයි.”

සාමාන්‍ය දරුවන්ගේ අධ්‍යාපන එසේ අඩාල වෙද්දී අබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපනය දෙගුණ තෙගුණයකින් අඩාල වුවේය. දැන් තිබෙන්නේ සියලු පාර්ශව  එකතුවී මේ ගර්හිත තත්තවයෙන් ඔවුන්ව නගා සිටුවීම පමණි.

⁣

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝලීය දේශපාලන ප්‍රවණතා ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර  කරලා…. ජනපති පවසයි.

Next Post

වෛද්‍ය නොසැලකිල්ලට රජයට කොටි තුනක වන්දි ගෙවන්න වෙයි…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.