ශ්‍රියානි විජේසිංහ –
සීතා ඇතින්නියට එල්ල කළ වෙඩි උන්ඩ 7ම වැදී ඇත්තේ හෘදයට උඩින් බැවින් ඇතින්නියගේ තත්ත්වය තවත් දින දෙක තුනක් යන තෙක් නිවැරදි කිව නොහැකි යැයි පේරාදෙණිය පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල මහතා සඳහන් කරයි.
අභ්‍යන්තරයේ තුවාල කොපමණ දුරකට විහිදිී ඇද්ද යන්න පිලිබඳව නිවැරදිව නොදන්නා බැවින් සිහිනැත කර ප්‍රතිකාර කිරීම ඇත්තන්ගේ ජීවිතයට අවදානම් යැයිද මහාචාර්යවරයා පවසා සිටියි
මෙම වෙඩි ප්‍රහාරයෙන් හෘදයට හානි සිදුව ඇත්නම් සිහිනැති කිරීමෙන් නැවත සිහිය ලබා ගැනීමට නොහැකි වුවහොත් මෙය ඉතා අවදානම් තත්ත්වයක් යැයිද සීතාගේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරි දිනවලදී මොන පැත්තකට හැරේවිද යන්න පිලිබදව තවමත් නිච්චිතව කිව නොහැකි යැයිද දංගලේල මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් බාහිර තුවාල බලා සීතාට ප්‍රතිකාර සිදුකර වෛද්‍ය අධීක්ෂණය යටතේ මයියංගන පුදබිමේ ආරක්ෂිතව රදවා ඇතැයිද මේ වන විට ඇතින්න වෙනසකින් තොරව ආහාර ලබා ගන්නා බවද මහාචාර්යවරයා පැවසුවේය.
මයියංගන රජමහා විහාරයේ පැවැත්වෙන වාර්ෂික පෙරහැර මංගල්‍යයට සභාගිකරවීම සදහා ගෙන ගොස් පුජා භූමියේ බැද දමා තිබියදී සිවිල් ආරක්ෂක නිලධාරීයෙකු විසින් තබන ලද වෙඩි පහාර 7ට ගොදුරුව සීතා මෙසේ තුවාල ලැබුවාය.







