අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සහ ත්රස්තවාදයට එරෙහි නීති සම්පාදනයට අදාළව ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහතික කරන ලෙස එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
‘X’ හරහා පණිවිඩයක් නිකුත් කරමින් තානාපති චුන්ග් පැවසුවේ, ශ්‍රී ලංකාව අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත සාකච්ඡා කරන විට, තාක්ෂණික අංශයෙන්, සිවිල් සමාජයෙන් සහ විවිධ ප්‍රවීණයන්ගෙන් අදහස් ලබාගෙන ඇතුළත් කිරීම ඉතා වැදගත් බවය.
(2/2) We also urge the Sri Lankan government to honor its pledge to revise its anti-terrorism legislation in alignment with international standards & best practices in other democracies. Sri Lankans deserve both security & fundamental freedoms. Striking the right balance through…
— Ambassador Julie Chung (@USAmbSL) September 30, 2023
“ප්රකාශනයේ නිදහස සුරැකීම අත්‍යවශ්‍ය වන්නේ එය සාකච්ඡා කළ නොහැකි සහ ආරක්ෂා කර ගත යුතු මූලික අයිතිවාසිකමක් වන බැවිනි,” ඇය පැවසුවාය.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ අනෙකුත් ප්රජාතන්ත්රවාදී රටවල හොඳම භාවිතයන්ට අනුකූලව ත්‍රස්ත විරෝධී නීති සංශෝධනය කිරීමට දුන් ප්‍රතිඥාවට ගරු කරන ලෙස තානාපති චුන්ග් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියාය.
ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව සහ මූලික නිදහස යන දෙකම ලැබිය යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
“ඵලදායි නීති සම්පාදනය හරහා නිවැරදි සමතුලිතතාවය ඇති කිරීමෙන් නීත්‍යානුකූලව රැස්වීමේ නිදහස සහ එල්ලවන තර්ජන සාධාරණ ලෙස විසඳීමට නීතිය කිරීම බල ගැන්වීම යන දෙකම සහතික කරනු ඇත,” තානාපතිනිය පවසයි.







