මහියංගන පෙරහරට රැගෙන පැමිණි සීතා ඇතින්නට වායු රයිෆලයකින් වෙඩිතැබූ සිවිල් ආරක්ෂක නිලධාරියාට ඇප ලබාදී තිබේ.
මාපාකඩවැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව වනජීවී රාජකාරියේ යොදවා තිබූ මෙම සිවිල් ආරක්ෂක නිලධායා සීතා ඇතින්නට රබර් උන්ඩ සහිත වායු රයිෆලයෙන් වෙඩිතබා තිබුණේ වන අලියෙක් යැයි රැවටීමෙනි.
අද පාන්දර 3.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු වී ඇතැයි වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුව මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු, වැඩබලන මහෙස්ත්‍රාත් එස්. ගෝවින්ද විසින් ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබිණි. .
තුවාල සහිත ඇතින්නට මේ වනවිට ප්‍රතිකාර සිදුකර තිබේ. සීතා ඇතින්නගේ වයස අවුරුදු 47කි.







