මොණරාගල කොට්ඨාස බුද්ධි අංශයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඊයේ රාත්‍රියේ කළ වැටලීමක දී ඇමති ආරක්ෂක කොටඨාසයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙක් ස්වකීය ත්‍රීවිල් රථයේ ගංජා ප්‍රවාහනය කරමින් සිටිය දී ඔක්කම්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
කාලයක් තිස්සේ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පොලිස් සැරයන් වරයෙක් සම්බන්ධව බුද්ධි තොරතුරක් මොණරාගල කොට්ඨාස බුද්ධි අංශයට ලැබී තිබිණි.
මෙම පොලිස් සැරයන් වරයා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කරමින් ස්වකීය නිල බලය අයථා ලෙස භාවිතා කර මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකරන බව එම බුද්ධි තොරතුරින් කීවේය.
ඒ අනුව ඔක්කම්පිටිය පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඔක්කම්පිටිය නගර මධ්‍යයේ දී ඊයේ රාත්‍රියේ සැරයන්වරයා විසින් පදවාගෙන පැමිණි ත්‍රී රෝද රථය නවත්වා පරීක්ෂා කර තිබිණි.
තොරතුරු ලැබුන අකාරයටම ගංජා පාර්සල් තුනක් ත්‍රීවිල් රථයේ විය. ත්‍රීවිල් රථයේ තවත් පුද්ගලයින් දෙදෙනේක ගමන් කරමින් සිටියේය. ඔවුන් දෙදෙනා සමග සැරයන්වරයා ද පොලිස් අත් අඩංගුවට පත් විය.
අත් අඩංගුවට පත් සැරයන්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලියු.එම්.එම්. ධර්මසේන ගේ ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවයේ යොදවා ඇති පොලස් සැරයන් සී.එම්. ප්‍රේමරත්න නැමැත්තෙකි.
ඔක්කම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







