විපක්ෂයේ ප්‍රධාන පාර්ලිමේන්තු කණ්ඩායම වන සමගි ජනබලවේගය පාර්ලිමේන්තු විවාදයට සහභාගී නොවී වර්ජනය කළ ගැටුමට මුල් වූ ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර කන්ටේනර් දෙකක් නීති විරෝධී ලෙස විකුණා කරන ලද වංචාවක් සම්බන්ධව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරගේ ප්‍රකාශ ද්වේශ සහගත බොරුවක් බවත් එය හැන්සාඩ් ලේඛණයෙන් ඉවත් කරගන්නා ලෙසත් කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී අද (04) ඉල්ලා සිටියේය.
ඔහු ප්‍රකාශ කළේ වරායේ ඇති රාජ සන්තක කළ කන්ටේනර් දෙකක් ධීවර සංස්ථාවේ ප්‍රසම්පාදන කටයුතු සඳහා නිදහස් කර දෙන ලෙස ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලූ නීත්‍යානුකූල ලේඛණයක් අතේ තබාගෙන මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මේ අසත්‍ය ප්‍රකාශය කළ බවය.
කාංචන විජේසේකර රාජ්‍ය ඇමතිවරයා මෙසේ ද කීවේය.
“විපක්ෂය පහුගිය කාලෙම උත්සාහ කළේ අසත්‍ය ප්‍රකාශ කරමින් මඩ ගහන්න. මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ දී මගේ නමත් සඳහන් කරමින් ලේඛණයක් පෙන්නුවා. ලේඛණයක් පෙන්නලා අසත්‍ය චෝදනාවක් කරමින් වංචාවක් කළ බවත් මුදල් ගසා කෑමක් කළබවත් කීවා. “
“මම කිව්වෙ ලේඛණය කියවන්න කියලා. ලේඛණයෙ තිබුණෙ ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කරමින් වරායෙ තිබෙන රාජසන්තක කර ඇති කන්ටේනර් දෙකක් අරගෙන ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කරමින් බෙදා හරින්න කියලා.“
“මේක කියන්නෙ නැතිව හොරකම් කලා කියලා කියනවා. මේ හොරකම් කිරීම ගැන ජානධිපතිතුමාටත් කියනවා. අගමැති තුමාටත් කියනවා. ඇමතිවරුන්ට කියනවා. එහෙම බොරු කියන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න දෙන් බෑ.“
“බොරුව නැතිව විවාදයක් ගෙනියන්න බෑ. සත්‍ය කරුණු තියනවා නම් මෙතුමලා අද පාර්ලිමේන්තුවෙ විවාදයෙ ඉන්නවා.“
“ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා… මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ වරප්‍රසාදවලට යටවෙලා බොරු කියනවා. මා අභියෝග කරනවා පුලුවන්නම් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාට අද පාර්ලිමේන්තුවෙ කියපු කතාව මෙතනින් එළියෙ ගිහින් කියන්න කියලා. පුලුවන්නම් කියන්න හොරකමක් කරනවා කියලා. ඒ වගේම අභියෝගයක් කරනවා, ධීවර සංස්ථාවෙ ඔබතුමාලගෙ වෘත්තීය සමිති ඉන්නවා, අපේ වෘත්තීය සමිති ඉන්නවා, ජනතා විමුක්ති පෙමුණේ වෘත්තීය සමිති ඉන්නවා, ඔය ඕන වෘත්තීය සමිතියකට කියන්න පුලුවන්නම් අපි හොරකම් කරලා කියලා පෙන්වන්න කියලා කියනවා.
ඔහු පෙන්වූ ලේඛණය සභාගත කරන්න කලින් හැන්සාඩ් ගත කරන් කලින් කිව්වෙ මම හොරකම් කළා කියලා. කන්ටේනර් දෙකක් නිදහස් කරන්න මම අනුමැතිය ලබා දීලා තියනවා, ඒක ගිහින් කොහෙටද විකිණුවෙ කියලා.
මම ඉල්ලීමක් කරනවා එතුමාගේ සම්පූර්ණ කතාවම සම්පූර්ණ කොටස ඉවත් කරන්න කියලා. ධීවර සංස්ථාවෙ සභාපති අපේ අමාත්‍යංශයෙ ලේකම්ට යවන ලියුමක්. ප්‍රසම්පාදන කයුත්තක් කරගැනීම සඳහා කරන්ටේනර් දෙකක් නිදහස් කරලා දෙන්න කියලා.
ඒ අසවස්ථාවේ දී මුලාසනයේ සිටි අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධව කථානායකවරයා දැනුම්වත් කර ස්ථාවර නියෝගවලට නුසුදුසු දෙයක් ඇත්නම් එය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවය.