පාකිස්ථානය පුරා සිටින ප්‍රකට චරිත සහ සුපිරි තරු ගණනාවක් සියල්කොට්හි දී ශ්‍රී ලාංකිකයකු පහර දී ඝාතනය කර පුළුස්සා දැමීම තරයේ හෙළා දැක තිබේ.
මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු පෞද්ගලික ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදන කම්හලක කළමනාකරුවකු ලෙස සේවය කළේය. ප්‍රියන්ත කුමාර නමැති පුද්ගලයා කර්මාන්තශාලා සේවකයන් විසින් ඝාතනය කර ඇත්තේ කුරානයේ වැකිසක් සහිත පෝස්ටරයක් ඉරාදැමීම සම්බන්ධයෙනි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමාජ මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් මෙම බිහිසුණු ඛේදවාචකය හෙළා දැක තිබේ.
පකිස්තාන චිත්‍රපට සහ රූපවාහිනී නිළියක වන මහීරා ඛාන් ද සිය ට්විටර් ගිණුමේ මෙසේ පවසා ඇත.
“ලැජ්ජයි!! යුක්තිය ඉටුකිරීම වගේම අපේ රටෙන් මෙම උවදුර තුරන් කිරීම සඳහා අගමැති ඉම්රාන් ඛාන්, අපි ඔබ දෙස බලා සිටිමු.”
එරට තවත් ජනප්‍රිය නිළියක වන මේහ්විෂ් හයාට්, පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් හෆීස් එරට ප්‍රකට විකට නළුවක වන ෂාෆාට් අලි මෙලෙස මෙම සිද්ධිය තදින් හෙලා දැක ඇති අතර මෙම ඝාතනය පකිස්තානයට ලජ්ජාවක් සහ අවමානයක් බවත් මෙම අන්තවාදය නතර විය යුතු බවත් අවධාරණය කර ඇත.