ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ, ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලද බවත් අදාළ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඔක්තෝම්බර් මාසයේ සිදුකළ හැකි වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
මීට අදාළ යෝජනා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ මාර්ග සිතියම හා කාල රාමුව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලද බව ද ඔහු ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
අමාත්‍ය විජේසේකර වැඩිදුරටත් සඳහන් කරන්නේ, මැයි මස අවසන් වන විට නව විදුලිය පනතේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි.
ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, යූඑස්ඒඩ් ආයතනය හා ජයිකා ආයතනයේ සහයෝගය මෙම ක්‍රියාවලියේදී ලබා ගැනීමටත්, විදුලි බල මණ්ඩලයේ මූල්‍ය හා මානව සම්පත් විගනණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර තිබේ
Cabinet approval was granted yesterday for the proposed road map & timeline of the CEB restructuring process. Final draft of the new electricity act will be presented to the Parliament for approval by end of May. Approval was also granted to establish a reform secetariat, obtain…
— Kanchana Wijesekera (@kanchana_wij) April 18, 2023







