සිය බලපෑම්වලට යටත්ව ක්‍රියා නොකිරීම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික් පොහොට්ටු මන්ත්‍රිවරියක වන මුදිතා ප්‍රියශාන්ති සොයිසාගේ උදහසට ලක්ව සිටි රත්නපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ එම කොට්ඨාශයෙන් මාරු කිරීමට පියවර ගෙන තිබේ.
වලාන දූෂණ මර්ධන ඒකකයේ ලෙස පෙනී සිටිමින් සම්බාහන ආයතනයකට පැන මුදල් කොල්ලකෑමේ චෝදනාවක් මත ස්ථාන මාරුවක් ලබා දී විමර්ශනයක් ආරම්භ කර තිබූ පොලිස් නිලධාරියෙකුගේ එම ස්ථාන මාරුව අවලංගු කරන ලෙස දන්වා මුදිතා ප්‍රියශාන්ති සොයිසා නියෝජ්‍ය පොලිස්පති ලලිත් ලියනගේට කළ දැන්වීම ප්‍රතික්ෂේප කිරීම මේ මාරුවට ප්‍රධාන හේතුව වී ඇත.

තමන් ගේ හිතවත් පොලිස් නිලධාරියාගේ මාරුව අවලංගු නොකිරීම හේතුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ වෛරයකින් පසුවූ මන්ත්‍රීනී මුදිතා ප්‍රියශාන්ති සොයිසා පසුගියදා ඔහු මාරු කරන ලෙස ජනාධිපතිවරයාට ලිපියකින් පැමිණිලි කර තිබූණි.


ජනාධිපතිවරයාට මන්ත්‍රිවරිය විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහජන අරක්ෂාව පිළිබඳව අමාත්‍යංශ ලේකම්වරයාට 2023 මාර්තු මස 16 වැනිදා ලිපියක් මඟින් දන්වා තිබුණි.

කෙසේ වුවද මහජන අරක්ෂක ලේකම්වරයා විසින් ඊයේ (අප්‍රියෙල් මස 17) වැනිදා ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.
ඒ අනුව නියොජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත් රථ වාහන දිශාව භාර පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති අතර එම තනතුරේ සිටි කේ.පී කරුනානායක රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.
නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ ඇතැම් නීති විරෝධී කටයුතු හමුවේ ක්‍රියා කරන අවස්ථාවලදී දේශපාලකයන් විසින් ඔවුන්ගේ හිතවතුන් ආරක්ෂා කර ගැනීමට උදව් ඉල්ලන අවස්ථාවල ඒ පිළිබදව තැකීමක් නොකොට ක්‍රියා කරන පොලිස් නිලධාරියකු වීම නිසා බොහෝ දේශපාලකයන්ගේ උදහසට ලක්ව සිටින අයකු සැලකේ.
මුදිතා මන්ත්‍රීවරිය ජනාධිපතිවරයා වෙත යවන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබුණේ ඇය විසින් පොලිස් සැරයන්වරයකුගේ මාරුවීමක් සම්බන්ධයෙන් ඉල්ලීමක් කිරීමට දුරකථන ඇමතුමක් ලබා ගත් මොහොතේ ඒ ගැන කිසිදු තැකීමක නොකොට දුරකථනය විසන්ධි කළ බවය.
මේ ලිපියත් බලන්න…
රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිට මන්ත්‍රී මුදිතාගෙන් චෝදනා පත්‍රයක්… ජනපතිටත් ලියලා…







