පාතාල ප්‍රබලයෙක් වූ වැල්ලේ සාරංග ගේ මස්සිනාවන හෙට්ටිආරච්චිගේ දොන් සුජිත් නැමැති පුද්ගලයා මහබාගේ ඇලපිටිවල හන්දිය ආසන්නයේ දී පසුගිය බදාදා (21) උදේ වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ඝාතකයා ලෙස කටයුතු කර ඇත්තේ සක්‍රීය හමුදා සේවයේ සිටින මඩකලපුව චෙංකල්අඩි හමුදා කඳවුරේ හතරවන ගැමුණු හේවා බලඇණියේ කෝප්‍රල්වරයෙක් බවත් රාජකාරියේ යෙදී සිටින අවස්ථාවේ දී දුම්රියෙන් රාගමට පැමිණ මෙම ඝාතනය සිදුකර යළි කඳවුරට වාර්තා කර ඇති බවත් විශේෂ කාර්ය බලකායේ විමර්ශන අංශ හෙළි දරව් කරයි.
සියලුම තොරතුරු හෙළි වීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම සෙබලා අත්අඩංගුවට ගැනීමට යෑමේදි ඔහු මඩකලපුව චෙංකලඩි කඳවුරේ සිට හු පැනගොස් ඇතත් යුධ හමුදා බුද්ධි අංශය මීට සුළු වෙලාවකට පෙර අම්පාර ප්‍රදේශයේ දී මේ තැනැත්තා අත් අඩංගුවට ගෙන ඇත.
මහබාගේ ඝාතනය සඳහා යුධ හමුදාවේ හිටපු සෙබලුන් දෙදෙනෙකු සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින සෙබලෙකු වශයෙන් තිදෙනෙකු පැමිණ තිබේ. ඝාතකයා ලෙස කටයුතු කර ඇත්තේ දැනට සක්‍රීය සේවයේ යෙදීසිටින යුධ හමුදා චෙංකලඩි කඳවුරේ හතර වන ගැමුණු හේවා බල ඇනියේ සේවය කරන කෝප්‍රල් වරයයා.
නිපුන නැමැති පාතාල ප්‍රබලයාගේ කණ්ඩායම විසින් මෙම ඝාතනය මෙහෙයවා තිබුණු අතර ඊට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරුවෙකු වන යුද හමුදාවේ ගැමුණු සේවා බලඇණියෙන් පැන ගිය සෙබලෙක් මින් පෙර විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.
ඔහුගෙන් ලද තොරතුරු ප්‍රකාරව අපරාධයේ ඝාතකයන් සොයා ගැනීමට විමර්ශකයින්ට හැකි වී තිබේ







