වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වැඩ බලන පොලිස්පති ධූරය සඳහා තවත් සේවා දිගුවක් ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධව හෙට (26) කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට බඳුන්වනු ඇති බවත් ඒ සම්බන්ධව ජනාධිපතිවරයා සිය අදහස කැබිනට් මණඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් රජයට සම්බන්ධ ආරංචි මාර්ග හෙළි කරයි.
ජනාධිපතිවරයා සිය මතය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ව්‍යවස්ථා දායක සභාව වෙත යොමු කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග කියයි
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලබා දුන් මාස 03 ධූර කාලය බදාදා (28) රාත්‍රී 12 ට නිමාවීමට නියමිතය.







