මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ කරන්දෙණිය ශාඛාවේ භාණ්ඩාගාරික, කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර අද (26) උදෑසන වෙඩි තබා ඝාතනය කර තිබේ.
සිය දරුවා පාසලට ඇරලවීම සඳහා සූදානම් වෙමින් සිටිය දී ඇල්පිටිය, පතිරාජ මාවතේ පිහිටි ඔහුගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන ඝාතකයෙක් මෙම ඝාතනය සිදුකර ඇති අතර රෝෂන් කුමාර එම ස්ථානයේ දීම මිය ගොස් ඇත.
51 හැවිරිදි මෙම නිලධාරියා පසුගිය වකවානුව පුරාම ගාල්ල දිස්ත්‍රික්කය තුළ සිදුකළ විශාල වැටලිම් ප්‍රමාණයක නායකත්වය ගත් අයෙක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය කියයි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඝාතකයන් පලා ගොස් තිබේ.