ක්‍රිකට් ආයතනයේ ඉහළ තාක්ෂණික අංශයේ වේග පන්දු පුහුණු උපදේශකයකු ලෙස ඉහළ වැටුපකට අනුෂ සමරනායකට පත්වීමක් ලබා දී ඇතැයි වාර්තාවේ.
දැනට ඉහළ තාක්ෂණික අංශයේ සිටින සෙසු දේශීය පුහුණුකරුවන් කිසිවකුට නොගෙවෙන මුදලක් මොහුට ගෙවීමට නියමිත බවත් එය බොහෝ විට මිලියන දෙකක් බවත් වාර්තා වේ.
කලක් මෙම අංශයේම සේවය කළ අනුෂ ක්‍රිකට් තරගයක් අතර තුර නිළියන් හා නිරූපිකාවන් කිහිප දෙනෙකු ක්‍රීඩාංගණය පුරා රැගෙන යමින් පිංතූර ගැනීම හා දැල් වේග පන්දු යවන්නකු ලෙස එක්තරා තරග පාවාදීමේ නියෝජිතයකු කෙත්තාරාමයට රැගෙන ඒමේ චෝදනා ලැබුවේ.

පසුව අයි.සී.සී. ය විසින් අනුෂ සමරනායක තරග පාවා දීමේ චෝදනාවෙන් නිහස් කළත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කීවේ විනය කරුණකට වරදකරුවෙක් විම හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් සමග තවදුරටත් සේවය කළ නොහැකි බව.ය

අනුෂ ක්‍රිකට් උපදේශක සනත් ජයසූරියගේ සමීපතයකු වන අතර මෙම පත්වීම සනත්ගේ බලපෑම මත සිදු කරන ලද්දක් බවත් වාර්තා වේ.







