අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩ පිළිවෙළක් නැතිව කැබිනට් එකේ මූණු මාරු කර වැඩක් නෑ… හිටපු කැබිනට් ඇමතිවරු කියති…

එහෙයියන් එහෙයි කියද්දී හිටපු ඇමතිවරු වැඩි දෙනෙක් ඇත්ත ප්‍රශ්නය ගැන ජනපතිට කී කතාව...

by editor
අප්‍රේල් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (17) හිටපු කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව  මතවාද දෙකක් ඔස්සේ ගොඩනැගුණු දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකින් තොරව නිමා වී තිබේ.

වාර්තාවන පරිදි ජනාධිපතිවරයා හිටපු කැබිනට් මණ්ඩලය කැඳවා ඇත්තේ ඔවුන්ගෙන් වැඩි පිරිසකට කැබිනට් ඇමතිකම් අහිමිවන බවට වූ පණිවිඩය දෙන්නටය. ස්වේච්ඡාවෙන් ඇමතිකම් ප්‍රතික්ෂේප කරනු ලැබූ කිසිවෙක් නොවූ බවත් බොහෝ දෙනා මේ අවස්ථාවේදීත් ඇමතිකම් නොලැබීම ගැන  කලකිරීමකින් සිටි බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ඒ තත්වය තුළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම රැස්වීම කැඳවීමේ මූලික අරමුණ  රටේ පවතින තත්වය තුළ රජය ගෙන යෑමට අවශ්‍ය යෝජනා ලබා ගැනීම බවත්  අහිමිවන්නට නියමිත ඇමතිධූර ගැන කලකිරෙන්නේ නැතිව මේ අවස්ථාව ගත කරන ලෙසත් කියන්නටය.

සාකච්ඡාව ආරම්භයේදීම  රජය ස්ථාවර තැනකට පැමිණි වහාම හිටපු කැබිනට් මණ්ඩලයේ  සියලුදෙනා වෙනුවෙන් සාධාරණයක් ඉටුවනු ඇතිබවට වූ පොරොන්දුව ද ජනාධිපතිවරයා ලබා දී ඇත.

අලුත් මුහුණු ටිකක් රටට ඉදිරිපත් කර ආණ්ඩුව වෙනස් මගක යන බව රටට පෙන්විය යුතු බවත් ඊට සහයෝගය දෙමින් එක්වී ආණ්ඩුව ඉදිරියට ගෙන යමු යන යෝජනාව තමන් ඉදිරිපත් කරන බවත්  ජනාධිපතිවරයා හිටපු කැබිනට් මණ්ඩලයට පවසා  තිබේ.

මේ අවස්ථාවේ දී  පිරිස මතවාදීමය වශයෙන් දෙපාර්ශවයකට බෙදී ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රමුඛ කණ්ඩායමක්  ජනාධිපතිවරයාගේ ප්‍රවේශය අගය කරමින් පවසා ඇත්තේ ජනාධිපතිවරයා ගත යුතු නිවැරදිම ප්‍රවේශය ගෙන ඇති බවය.  ආණ්ඩුව වැඩකරගෙන යන විට එලියේ ප්‍රශ්න සමනය වනු ඇති බවට ඔවුන් විශ්වාසය පල කර තිබේ. අවශ්‍ය වන්නේ තවත් ප්‍රමාද නොවී  තීරණ ගැනීම බව ඔවුන් පවසා ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එහෙත් ඩලස් අලහප්පෙරුම ඇතුළු මධ්‍යස්ථ මතධාරී කණ්ඩායමක්  මෙන්ම කැබිනට් ඇමතිකම් අහිමිවීමෙන් යම් වේදනාවට පත් වූ පිරිස සහිත වැඩි දෙනෙක් දරා ඇත්තේ වෙනස් මතයක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

“ඔළුවේ රදයට කොට්ට මාරු කරන්නා සේ“  කැබිනට් මණ්ඩල මාරු කර රටේ ප්‍රශ්නයට විසඳුමක් සෙවිය නොහැකි බවත් මිනිසුන්ගේ ප්‍රශ්නටය අපට  අලුත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් අප ඉන්නේ මුළු රටම අප ප්‍රතික්ෂේප කර ඇති අසීරු අවස්ථාවක බවත් එම පිරිස ජනාධිපතිවරයාට  පෙන්වා දී ඇත. ආණ්ඩුව නව කැබිනට් මණ්ඩලයත් සමග  රටට දෙන අලුත් වැඩපිළිවෙළ කුමක් දැයි එතැනදි විමසීමකට ලක් වී තිබේ.

“කැබිනට් මණ්ඩලයට අලුත් මූණු දාලා විතරක් විසඳුමක් හොයන්න බෑ රටේ ප්‍රශ්න එතනම නම්. ගෑස් නැති, විදුලිය නැති ඉන්ධන නැති රටක ඒ මූලික ප්‍රශ්න කැබිනට් මණ්ඩලය අලුත් කළා කියලා විසඳෙන්නෙ නැතිනම්  අපි තවදුරටත් අපටම බොරු කරගෙන තේරුමක් නෑ. “

හිටපු ඇමති මණ්ඩලයේ වැඩි දෙනෙක් සිටි මේ අදහස සහ ජනාධිපතිවරයාට විකල්ප මතවාදයක් වෙනුවෙන්  සිත යොමු කිරීමේ අවකාශ අහුරන ඔහුගේ හිතෛශීන් කණ්ඩායම ඉදිරිපත් කළ අදහස  අතර රට ඉදිරියට ගෙන යෑමේ නිශ්චිත  තීරණයකින් තොරව ඊයේ සාකච්ඡාව නිමා වී ඇතැයි පැවසේ.

කෙසේ වෙතතත් අද කැබිනට් මණ්ඩලයේ 16 දෙනෙක් පමණ  දිවුරුම් දෙනු ඇති බවත් කැබිනට් ඇමති තනතුරු 10ක් පුරප්පාඩු කර ගෙන 20 දෙනෙකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයකින් අද සිට රජය වැඩ ආරම්භ කරනු ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡාවට පසුබිමක් ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම මෙම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බව ද ප්‍රකාශිතය.

මේ අතර රජයට එරෙහි විශ්වාසභංගය 19 වැනිදා පසුවී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන විද්වත් කණ්ඩායම විපක්ෂයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ලබන සතියේ දී විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවනු ඇතැයි ද පැවසේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආණ්ඩුවට එක්වන10ක් වෙනුවෙන් කැබිනට් ඇමතිකම් ඉතිරි කරගෙන නව කැබිනට්ටුව නම් කෙරෙයි!

Next Post

ඩී.එස්.අයි කර්මාන්ත ශාලාවේ භූගත ජල ටැංකියකට වැටී අවසන් ගමන් ගිය පිය පුතු දෙපළගේ ඛේදවාචකය!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.