සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩී.එස්.අයි කර්මාන්ත ශාලාවේ භූගත ජල ටැංකියකට වැටී අවසන් ගමන් ගිය පිය පුතු දෙපළගේ ඛේදවාචකය!

by editor
අප්‍රේල් 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද 

“ටැංකිය මැදට වන්නට සේනාල්ගේ පුතාගේ හිස යම්තමට පෙන්න තිබුණා. පුතාව මා විසින් ඔසවලා ගොඩට ගත්තා. පසුව සේනාල්ගේ මෘතදේහයත් ටැංකියේ ඇතුලේ තිබි ගොඩඩ ගත්තා“… යැයි අක්මිමන බටදුව ප්‍රදේශයේ පිහිටි ඩී.එස්.අයි කර්මාන්ත ශාලාවේ   යන්ත්‍රෝපකරණ සිසිල් කිරිම සදහා  ඉදිකොට ඇති භුගත ජල ටැංකියකට ඇද වැටිමෙන් මියගිය පිය පුතු දෙදෙනාගේ හදිසි මරණ පරික්ෂණයේ දි  සාක්ෂිදෙමින්  කම්හලේ ප්‍රධාන  මෙහෙයුම් කළමණාකරුවන රණේපුර හේවගේ චමින්ද ලක්මාල් ධර්මරත්න (44)  සඳහන් කළේය. 

භුගත ජල ටැංකියට ඇදවැටි දියේ ගිලිමෙන් මියගොස් තිබුණේ  හවුපේගෙවත්ත තල්ගම්පල ගාල්ල ලිපිනයේ පදිංචිව සිටි මෙම කම්හලේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුවන උඩුබැට්ටව වැදිගේ  සෙනාල්  දිනුෂ ගුණසේන ( 37)  සහ ඔහුගේ පුතාවන සිතුක විහස් ගුණසේන  (08)  දරුවාය.

මිය ගිය පිය පුතු දෙපළ

මියගිය සිතුක විහත් ගුණසේන පුතුගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක  චන්ද්‍රසේන ලොකුගේ   විසින් සිදුකළ අතර පියාවන  සෙනාල්  දිනුෂ ගුණසේන ගේ හදිසි මරණ පරික්ෂණය  බටදුව හදිසි මරණ පරික්ෂකවරිය වූ  එස්.එන්.විතානගේ   විසින් සිදුකරණු ලැබිණි..

හදිසි මරණ පරික්ෂණයේ දි තවදුරටත් සාක්ෂිදෙමින් ප්‍රධාන  මෙහෙයුම් කළමණාකාරවරයා මෙසේද  කිවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මියගොස් සිටින්නේ මා වැඩ කරන ආයතනයේ සේවය කළ විධායක නිලධාරියකු වන සේනාල් හා ඔහුගේ පුතා . මා මෙම ආයතනයට ඇවිත් වසර 11ක් වෙනවා. මා එනකොටත් සේනාල් මෙම ආයතනයේ සේවය කළා.අ

ප්‍රේල් 08 වැනිදා සිට 18 වැනිදින දක්වා ආයතනයේ සේවක සේවිකාවන්ට නිවාඩු දිලා තිබුණේ. විධායක ශ්‍රේණියේ නිලධාරින්ට පවරලා තිබුනා දිනකට දෙදෙනා බැගින් කම්හලට පැමිණ  පරික්ෂා කොට බලා වාර්තාවක් දෙන්න. ඒ අනුව  සේනාල්ට හා ප්‍රභාත්ට මෙදින මෙම රාජකාරිය පැවරිලා තිබුණා. සේනාල් පුතාට කර්මාන්තශාලව පෙන්විමට පුතා සමග ඇවිත් තියෙනවා.“

“සාමාන්‍යයෙන් පොඩි ළමුන්ට කාර්මාන්තශාලව ඇතුළට යන්න දෙන්නේ නැහැ. නිවාඩු දිනයක් නිසා සහ සේනාල් විධායක ශ්‍රේණියේ නිලධාරියකු නිසා එම අවස්ථාව සේනාල්ට ආරක්ෂක අංශ මගින් ලබා දි තිබුනා. එදින උදැසන 10.25ට තමයි සේනාල් පුතා සමග කම්හල ඇතුළට ගිහින් තිබුණේ. 

නිවාඩු දිනයක් වුවත් වැඩකරන අයට අවුරුදු තැගි දිලා යන්න මා කම්හල තුළට ආවා. ආරක්ෂක අංශයෙන් මට කිවා සේනාල් මහත්තයා පුතා සමග කම්හල ඇතුළතට ගියා තවම ආවේ නැහැ කියලා. මා ආයතනයට එනවිට 11.30ට විතර වුනා. මා ආරක්ෂක අංශයට කිවා සේනාල්ට දුරකථන ඇමතුමක් ගන්න කියලා. දුරකථනය ක්‍රියා විරහිත වෙලා තිබුණේ.

භූගත ජල ටැංකිය…

මා ආරක්ෂක අංශයේ  අයෙකු සමග කම්හලේ ඇතුළත රවුමක් ඇවිදලා බැලුවා. නමුත්  සේනාල් හමුවුනේ නැහැ. මා ආරක්ෂක අංශයේ අයට කිවා. සේනාල් ආපසු මට දුරකථන  ඇමතුමක් ලබාදෙන්න කියලා. මා කම්හලේ අනිකුත් අංශවලට ගියා. මට දුරකථන ඇමතුමක් ආවා මිල් ටැංකියෙන් හිසක් පෙනවා කියලා. මා එම අවස්ථාවේම එතෙන්ට ආවා.  ටැංකිය මැදට වන්නට සේනාල්ගේ පුතාගේ හිස යම්තමට පෙන්න තිබුණා. මා ආරක්ෂක අංශයේ අයෙකු සමග එක්වි  බෙල්ට් එකක් දමා  ටැංකියේ අයිනට පුතාව ගත්තා.පසුව  පුතාව මා විසින් ඔසවලා ගොඩට ගත්තා. මගේ වාහනයෙන් පුතා කරාපිටිය රෝහලට රැගෙන ගියා. ආරක්ෂක අංශයේ අයෙකු රෝහලේ නතරකරලා මා ඉක්මන්ට කම්හලට ගියා. සේනාල්ගේ මෘතදේහයත් ටැංකියේ ඇතුලේ තිබි ගොඩ අරගෙන තිබුණා.“

“මියගිය  සේනාල් දිනුෂගේ බිරිය වන හවුපේ විතානගේ නයෝමි සමන් කුමාරි (36)  තම දෙවන දරුප්‍රසුතිය සදහා සුදානමින් සිටිනා ගැබිනියකි. ඇය හදිසි මරණ පරික්ෂණයේ දි සාක්ෂිදෙමින් මෙසේ කිවාය.

මා යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිණියක් ලෙස සේවය කරණවා. මියගොස්  සිටින්නේ මගේ  පුතා හා සැමියා. සැමියා ඩි.එස්.අයි ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස රැකියාව කරණවා. පුතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. තුන වසරට සමත්වෙලා හිටියේ. පුතා සැමියා සහ මම තමයි ගෙදර පදිංචිවෙලා හිටියේ. 

මහත්තයා වසර 15ක පමණ සිට මෙම ආයතනයේ වැඩ කරනවා. මහත්තයා උදේට රැකියාවට ගොස් හවසට ගෙදර එනවා. මේ දිනවල මෙම ආයතනයේ සේවකයින්ට නිවාඩු ලබා දි තිබුනා. මහත්තයාට රාජකාරි දිනයක් නොවුවත්   නිවාඩු කාලයේ  එක් දිනකට  දෙදෙනෙකු ආයතනයට පැමිණ    ආයතනය පරික්ෂාකොට වාර්තාවක් ලබාදිමට  පැවරිලා තිබුනා. ඒ අනුව මහත්තයා පුතා සමග  මෙම ආයතනයට ගියා. වැඩකරණ දිනයක් නොවු නිසා  කර්මාන්තශාලාව පෙන්විම සදහා පුතා රැගෙන ගියා. යතුරුපැදියෙන් තමයි මහත්තයා පුතා සමග ගියේ.

එදින දහවල් 12.00ට විතර මහත්තයාගේ මිතුරෙකු මගෙන් දුරකථන ඇමතුමක් ලබාදිලා ඇසුවා මහත්තයාට කරදරයක් ද කියලා. මා කිවා දන්නේ නැහැ කියලා. ඊට පසු මහත්තයාගේ දුරකථනයට  ඇමතුම් කිහිපයක් ගත්තා. ජංගම දුරකථනය වැඩකළේ නැහැ. පසුව මා  මහත්තයාගේ මිතුරන්ට කථාකරලා ඇසුවා. ඒ අය දන්නේ නැහැ කිවා. පසුව මා අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක් සමග කරාපිටිය රෝහලට ගියා. මෙම ආයතනයේ වැඩකරන අය රෝහලේ සිටියා. මහත්තයා හා පුතා වතුර ටැංකියක වැටි මියගොස් ඇති බව දැනගත්තා.

පශ්චාත් මරණ පරික්ෂණ  සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි   සහ  සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි  එම්.කේ ඩයස්  විසින් සිදු කළහ. 

ඉදිරිපත්වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත්මරණ පරික්ෂකවරයා  දියේ ගිලිමෙන්  මරණ වි ඇති බවට තීන්දු කරනු ලැබිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩ පිළිවෙළක් නැතිව කැබිනට් එකේ මූණු මාරු කර වැඩක් නෑ… හිටපු කැබිනට් ඇමතිවරු කියති…

Next Post

ගාල්ලේ ගෝඨාගෝගම කැඩූ පොලිසියට නීතිය කියා දෙන්න නීතිඥ කණ්ඩායම් පැමිණෙයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.