ලලිත් චාමින්ද –

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දි පැවැත්වෙන විරෝධතාවයට සහාය පලකරමින් ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට ගෝඨාගෝගමේ ගාල්ල ශාඛාව විසින් ඉකුත් 15 වැනි දින සිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භකළ අතර එහි ඉදිකොට තිබු කුඩාරමක් පොලිසිය විසින් අද (17) උදැසන ඉවත්කිරිමට යාමේ දි දැඩි උණසුම්කාරිතත්වය තුළ පොලිසියට නීතිය පහදා දීමට නීතිඥ කණ්ඩායමක් මේ වනවිට අරගල භූමියට පැමිණ තිබේ. ගෝල්ෆේස් තනිනොකරමු යන තේමාව යටතේ ගාල්ල තරුණයින් සිවිල් ක්‍රියාකාරින් වෘතිකයින් ඇතුළු පිරිසක් විසින් මෙම අඛන්ඩ වි රෝධතාවට ආරම්භ කරණු ලැබිය.
ගාල්ල මහින්ද හා රිච්මන්ඩ් විද්‍යාලය අතර 17 හා18 දිනවල පැවැත්වෙන් වාර්ෂික ක්‍රිකට් තරගය නිසා විරෝධතා භුමියේ ඉදිකොට ඇති තාවකාලික කුඩාරම ඉවත්කරගන්නා ලෙස පොලිසිය විරෝධතාකරුවන්ට පවසා ඇත.
එහෙත් විරෝධතාකරුවන්ගෙන් ඊට විරෝධය පලකිරීම නිසා පොලිසිය විසින් විරෝධතා භුමියේ තිබු ඉදිකොට තිබු කුඩාරම ඉවත්කිරිමට කටයුතු කළේය.

මෙම සිද්ධියත් සමග විරෝධතාකරුවන්ට සහාය ලබාදිම සදහා නිතිඥ කණ්ඩායමක්ද පැමිණ සිටියහ. එම නිතිඥ කණ්ඩායම පොලිස් නිලධාරින් සමග සාකච්ඡාවක් ආරම්භකොට ඇත.
මේ වනවිට මෙම විරෝධතාවය නොනිදන අරගලයක් ලෙස වර්ධනය වෙමින් තිබේ. විරෝධතාවය සඳහා රාත්‍රි කාලයට විශාල පිරිසක් මේ සදහා එක්ව සිටින අතර විවිධ නිර්මාණ හා සංස්කෘතිකාංග ඊට එක් වී තිබේ.
ගාල්ලේ ගෝටාගම ගැලවූ මොහොත….







