වාහන ආනයනය සදහා කලින් සැලසුම් කර තිබූ ක්‍රමවේදය අනුව අදියර තුනකින් ඉඩ ලබා දීමට රජය කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අද (06) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසුවේය.
ඇමතිවරයා මාධ්‍යවේදියෙක් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඒ පිළිබඳව මෙසේ පැවසුවේය.
” පහුගිය කාලෙ රථ වාහන ගෙන්වීම නතර කරලා තිබුණා. මුදල් අමාත්‍යාංශයෙත් මහ බැංකුවේත් අදහස වෙලා තිබුණෙ වාහන ආනයනය කරන්න ඉඩ දෙන්න කියලා. යම් ක්‍රමවේදයක් අනුව තමයි වාහන ගෙන්වන්න ඉඩ දිලා තිබුණේ. කලින් එකඟතාවය තිබුණෙ අදියර තුනකින්. පළමු අදියර අනුව වාහන ගෙන්වන්න අවසර දෙන්න ඕන කියන ස්ථාවරයේ අපි ආණ්ඩුවක් විදිහට ඉන්නවා. ඒ ක්‍රමවේදය අනුව වාහන ගෙන්වීම ඉදිරියේදී සිද්ධ වෙයි.
එහි මුල් අදියර ලෙස සංචාරක කර්මාන්තය සඳහා වාහන ගෙන්වීම සම්බන්ධව අදාල නිර්නායක පිළිබඳව මුදල් අමාතයාංශයත් වාහන ආනයනකරුවන්ගේ සංගමයත් මේ ක්ෂේත්‍රය හා සම්බන්ධ තවත් පාර්ශව කීපයකුත් සමග මේ සම්බන්ධව පසුගිය සිකුරාදා ද සාකච්ඡා වටයක් පැවැත්වූ බව ඇමතිවරයා කිවේය.
ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට යම් යම් නිර්නායක ඉදිරිපත් වී ඇති බවත් එම නිර්නායක ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය විසින් දැනුම් දෙනු ඇති බවත් ඇමතිවරයා පැවසුවේය.







