බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනාධිපතිවරු 06 දෙනා වෙනුවෙන් පොලිසිය විතරක් දරන වාර්ෂික වැය බර රුපියල් කෝටි 110ක් ( මිලියන 1100ක්)… තොරතුරු මෙන්න…

by editor
නොවැම්බර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපතිවරුන්ගේ මූලික නඩත්තු වියදම් සඳහා වාර්ෂිකව පොලිසිය විසින්  දරන පිරිවැය පමණක් රුපියල් අනූ තුන් කෝටි, තිස් ලක්ෂ තිස් පන් දහස් නවසිය හැට හයක් ( රුපියල් 93,30,35,966 ) බව හිටපු ජනාධිපති ආරක්ෂ කොට්ඨාස විසින් වාර්තා කර තිබේ.

මෙම මූලික ආරක්ෂක වියදම්වලට නිලධාරීන් වෙනුවෙන් දරන විදුලි, ජල, ප්‍රවාහන සහ නවාතැන් අතුළු වෙනත් වියදම් ද එකතුවන විට එම මුදල රුපියල් මිලියන 1100ක් එනම් කෝටි 110ක් දක්වා ඉහළ යන බව එම වාර්තාවල සඳහන්ව ඇත.

චන්ද්‍රිකා – හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙනුවෙන් පොලිසිය වාර්ෂිකව දරන ආරක්ෂක පිරිවැය පමණක් නව කෝටි අසූ අට ලක්ෂ හැත්තෑ එක් දහස් අටසිය හැට හයයි ශත තිස් හතරකි. ඇය වෙනුවෙන් ජීප් රථ දෙකක්, යතුරුපැදි 05ක්, කාර් රථයක් සහිතව සමස්ථ වාහන 08ක් වෙන් කර ඇත. ඊට අමතරව මාසිකව ඩීසල් ලීටර 500ක්, පෙට්‍රල් ලීටර 495ක් වෙනුවෙන් රජය වෙළෙඳපළ මිල අනුව මේ වනවිට මාසිකව රුපියල් දෙලක්ෂ අනූ පන් දහස්, හාරසිය හතලිස් පහක පිරිවැයක් දරයි. ඇය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 57ක් සේවයේ යොදවා තිබේ.

මහින්ද – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරක්ෂා කිරීම සඳහා පොලිසිය වාර්ෂිකව දරන ආරක්ෂක පිරිවැය රුපියල් තිස් දෙකෝටි හැට පන් ලක්ෂ අසූ දෙදහස්, අටසිය 19යි ශත අනූ දෙකකි. හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජීප් රථ 05ක්, යතුරුපැදි 04ක්, ත්‍රීවිල් රථ 02ක්, බස් රථ 02ක්, කාර් රථ 01ක්, වෑන් රථ 01ක්, සහ ඩබල් කැබ් 03ක් ඇතුළු රජයේ වාහන 18ක් වෙන් කර ඇත. ඔහු වෙනුවෙන් මාසිකව ඩීසල් ලීටර 1770ක්, සහ පෙට්‍රල් ලීටර 829ක් ද සුපිරි ඩීසල් ලීටර 200ක් වෙන් කර ඇත. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාවෙත මාසිකව ගෙවනු ලබන ඉන්ධන බිල අට ලක්ෂ විසි දෙදහස් පන්සිය විසි නවයකි.  ඔහු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 187ක් සේවයේ යොදවා ඇත. ඔහු වෙනුවෙන් පොලිසිය පමණක් දරන පිරිවැය මාසිකව කෝටි දෙක හමාරක් ඉක්මවයි.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

මෛත්‍රීපාල –  මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ආරක්ෂා කිරීම සඳහා පොලිසිය වාර්ෂිකව දරන වැය බර දහ අට කෝටි පනස් එක් ලක්ෂ හැට හය දහස් පන්සිය තිස් පහකි. ඔහු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 113ක් වෙන් කර ඇත. ඒ ජිප් රථ 04ක්, යතුරුපැදි 06ක්, ත්‍රීවිල් රථයක් සහ බස් එකක් ලෙස වාහන 12ක් සමගිනි. ඔහු වෙනුවෙන් ඩීසල් ලීටර 2000ක්, පෙට්‍රල් ලීටර 500ක්,  සුපරි ඩීසල් ලීටර 250ක් ලෙස ඉන්ධන සඳහා මාසිකව රුපියල් අට ලක්ෂ එක් දහස් දෙසීයපනහක වැය බරක් පොලිිසිය දරයි.

ගෝඨාභය –  පළවා හළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ද පොලිසිය වාර්ෂිකව තුන් කෝටි අනූ එක් ලක්ෂ හතලිස් එක් දහස් හාරසිය අසූ අටක් වියදම් කරයි. ඔහුට ජිප් රථයක්, යතුරුපැදි දෙකක් අතුළු වාහන 03ක් ද ඩීසල් ලීටර 400ක් සහ පෙට්‍රල් ලීටර දෙසීයක් වෙනුවෙන් මාසිකව රුපියල් එක් ලක්ෂ අසූ තුන් දහස් එකසිය හැත්තෑ පහක මිලක් ද දරයි. පොලිස් නිලධාරීන් 22ක් ඔහුගේ ආරක්ෂාවට යොදවා තිබේ.

හේමා –  මිය ගිය ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ වැන්දඹු බිරිය මෙන්ම හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මව නඩත්තු කිරීමට ද පොලිසිය වාර්ෂිකව දෙකෝටි අනූ අට ලක්ෂ හැත්තෑ අට දහස් අටක මුදලක් වියදම් කර තිබේ. ඇයට ජීප් රථයක් සහ යතුරුපැදියක් සමග වාහන 2ක් ද පෙට්‍රල් ලීටර 37ක් සහ ඩීසල් ලීටර 225ක් ලෙස ඉන්ධන වෙනුවෙන් මාසිකව රුපියල් අසූ තුන් දහස් හයසිය හැත්තෑ දෙකක් ද පෙලිිසය  විසින් වියදම් කරමින් සිටී. ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 17 දෙනෙකි.

රනිල් –  මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් පසු පොලිසිය වාර්ෂිකව වැඩිම තක්සේරුගත වැයක් දරන්නට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙනි. ඔහුට ජීප් රථ දෙකක් සහ ඩීසල් ලීටර පන්සිය දහයක් වෙන් කර තිබේ. මාසික ඉන්ධන පිරිවැය එක් ලක්ෂ හතලිස් හතර දහස් තුන්සිය තිහකි. පොලිස් නිලධාරීන් 151ක් ඔහු වෙනුවෙන් සේවයේ යොදවා ඇත. ඔහු වෙනුවෙන් පොලිසිය වැයකිරීමට තක්සේරු කරන වාර්ෂික පිරිවැය රුපියල් විසි පන් කෝටි, තිස් තුන් ලක්ෂ, අනූ පන් දහස්, දෙසීය හතලිස් නවයකි. එනම් මාසික ආරක්ෂක පිරිවැය ලෙස පොලිසිය විසින් දරන වියදම පමණක් රුපියල් කෝටි 2ක ඉක්මවා යන්නේය.

පොලිසිය හිටපු ජනාධිපතිවරුන් 06 දෙනාගේ ආරක්ෂාව වෙනුවේන දළ වශයෙන් මිලියන 1100ක් වියදම් කරන විට සමස්ථ පොලිස් නිලධාරීන් එක් ලක්ෂ දස දහසක ප්‍රමාණයක සෞඛ්‍යය  වෙනුවෙන් පොලිිසය දරන්නේ රුපියල් මිලියන 1500ක  වියදමක් පමණක් බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. එමෙන්ම  මෙම කෝටි 110 එනම් මිලියන 1100 හිටපු ජනාධිපතිවරුන්ට වැය කරන්නේ පොලිසියෙන් පමණක් බවත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  ත්‍රිවිධ හමුදාව   දරන වැය බර මීට ඇතුළත් නොවන බවත් සැලකිය යුතුව තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ “අයිස්” ගහන බිරිය මෙහෙයවපු කොල්ල කල්ලියක වැඩක්!

Next Post

වාහන ආනයනයට අවසර තිබිය යුතු බව රජයේ ස්ථාවරයයි… කැබිනට් ප්‍රකාශක කියයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.