දිනසේන රතුගමගේ –
ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරේ ප්‍රධාන දිස්ත්‍රික්ක පහේම සංවර්ධන කමිටු වල සම සභාපතිනිය වශයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරිණී පී.එම්.එස්.චාර්ල්ස් පත් කොට ඇත.
ඒ ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනට දිස්ත්‍රික් සංවර්ධන කමිටු වල සභාපතිවරු වශයෙන් කටයුතු කරති.
එහෙත් දිස්ත්‍රික්ක කීපයක එම කමිටු රැස්වීම් සදහා ආණ්ඩුකාරවරිය සහභාගී නොවීමෙන් පසුව ජනාධිපති ලේකම් කාර්යලය ආණ්ඩුකාරවරියද මෙලෙස සම සභාපති ධූරයට පත් කොට තිබේ.







