ශ්‍රියානි විජේසිංහ
පස් සහ අපිරිසිදු ජලයෙන් මාරාන්තික රෝගයක් පැතිර යන බැවින් ගොවිතැන් කරන පුද්ගලයන් වඩාත් ප්‍රවේසම් වන්නැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය භාග්‍යා පියසීරි ජනතාවට දැනුම් දී සිටියි.
මෙලේඩෝසිස් හෙවත් පාංශු උණ යනුවෙන් හදුන්වන මෛ රෝගී තත්ත්වය විවිධ ස්වරූපයන්ගෙන් පැමිණෙන බැවින් වෛද්‍යවරුන්ට පවා එය පහසුවෙන් හඳුනා ගැනීම අසීරු වී ඇතැයි විශේෂඥවරිය පෙන්වාදේ.
මී උණ රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ මෙහි පවතින බැවින් හා අපිරිසිදු වතුරෙන් හා පස්වලින් මෙය රෝගකාරක බැක්ටීරියාව ශරීර ගතවන බැවින් වෛද්‍යවරුන්ද ඇතැම් විට මී උණ සඳහා කරන ප්‍රතිකාරයන් කිරීම හේතුවෙන් රෝගීන් විවිධ සංකූලතාවන්ට ලක්ව මරණය පවා සිදු වූ අවස්ථාවන්ද වාර්තා වී ඇතැයි ඇය සදහන් කරයි.
පාදයේ තිබෙන තුවාලයක් , සීරීමක් තුලින් පසේ පවතින මෙම රෝග කාරක බැක්ටීරියාව ශරීර ගතවීම, පස් ආශ්රිත යම් යම් කාර්යයන් කිරීමේදි දූවිලි මගින් ආග්‍රහණය වීම , හෝ අපිරිසිදු වතුර මගින් මෙම බැක්ටීරියාව පුද්ගලයෙකුට ශරීර ගත විය හැකිය බවද පැවසේ.
කඳුකර ප්‍රදේශයන් හා ශීත දේශගුණයක් පවතින ප්‍රදේශයන් හී හැර රටේ අනෙකුත් සෑම ප්‍රදේශයකම මෙම බැක්ටීරියාව බවතින බවත් මෝසම් වර්ෂාවත් සමග රෝගය පැතිර යාමේ වර්ධනයක් සිදුවන බවත් විශේෂඥවරිය සදහන් කරයි.
මත්පැන් පානයට, දුම්පානය ඇබ්බැහිව සිටින පුද්ගලයන්, දියවැඩියාව , අක්මා රෝග, වකුගඩු රෝගවලින් පීඩාවිදින අයගේ ප්‍රතිශක්තිය ඉතා අඩු බැවින් ඔවුන් මෙම රෝගය ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බවද සදහන් වේ.
මෙම රෝගයට නිසි ප්‍රතිකාරයන් තිබෙන නමුත් එය නිවැරදිව හඳුනා නොගැනීම හේතුවන් බොහෝ දෙනෙකු මරණයට පත්වෙන බැවින් උණ, ඇගපත වේදනාව, වමනය, කෑම අරුචිය , වැනි රෝග ලක්ෂණයන් පවතින්නේ නම් හා නිරන්තරයෙන්ම පොළව කෙටීම හා දූවිලි ආග්‍රහණ වන රැකියාවන් කරන්නේ නම් හා උතුරුවා නිවාගත් ජලය මෙන්ම ක්ලෝරීන් නොකළ ජලය පානය කරන්නෙකු නම් වහාම වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු වන්නැයිද වෛද්‍ය පියසීරි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.







