අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු දෙදෙනකුගේ රැඳවුම් නියෝගවලට අත්සන් නොකරන ලෙස මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මේරි ලෝලර් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබේ.
“ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිදම්ම හිමි අත්අඩංගුවට ගැනීම ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටිමි. ඔවුන්ගේ රැඳවුම් නියෝගයට අත්සන් නොකරන ලෙස මම ජනාධිපති රනිල්ගෙන් ඉල්ලා සිටිමි,
එසේ අත්සන් කළහොත් එය ශ්‍රී ලංකාව සඳහා අඳුරු දිනයක් වනු ඇත. ”
මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාර මේරි ලෝලර් කියා සිටියාය..
I'm deeply concerned that Human Rights Defenders Wasantha Mudalige, Hashan Jeevantha & Galwewa Siridamma Himi have been arrested under the #SriLanka's Prevention of Terrorism Act. I call on President Ranil not to sign their detention order, doing so would be a dark day for 🇱🇰.
— Mary Lawlor UN Special Rapporteur HRDs (@MaryLawlorhrds) August 21, 2022







