අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන අලින්ගේ ව්‍යසනයට විසඳුමක් ඉල්ලා වැලිකන්ද ගම්මු වීදි බසිති… පැය 24ක් තුළ විසඳුමක් දෙන්න පොරොන්දු වෙයි!

by editor
දෙසැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වැලිකන්ද කොට්ඨාසයේ   ගම්මාන රැසකට පවතින අලි මිනිස් ගැටුමට විසඳුම් ඉල්ලා අද (13) රුහුණුකෙත සහ  මොනරතැන්න ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගම්වාසීන් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය   වැලිකන්ද මොණරතැන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවයක නිරත වූහ.

මොනරතැන්න සහ රුහුණුකෙත ගොවි සංවිධාන නියෝජිතයින්, ගොවින්, ගම්වාසීන්, තරුණයන්, මෙන්ම දරුවන් ප්‍රධාන මාර්ගයේ බිම වාඩි වී පැය දෙකකට අසන්න කාලයක් සිදුකළ මෙම විරෝධතාවය හේතුවෙන්  පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලූ අතර දැඩි වාහන තදබදයක් ද ඇති විය.

තමන් දුක් මහන්සියෙන් වගා කරන ලද ගොවිතැන් මෙන්ම පැළ ගොයම් වන රංචුපිටින් පැමිණ විනාශ කරන බවත්, සතියකට පෙර තම ගම්මානයේ ත්‍රීරෝද රථයකට සහ ගොවියකුට පහර දීමෙන් දැඩි විනාශයක් සිදුකළ  බවත්, මාදුරුඔය සහ සෝමාවතීය  ජාතික වනෝද්‍යානයෙන් ගම්වදින වන අලි ප්‍රදේශයේ පාළු ඉඩම්වල සැඟව සිට දිවා මෙන්ම රාත්‍රී කාලයේ තම භවභෝග විනාශ කරන  බවත්  විරෝධකරුවෝ මෙහිදී සඳහන් කළහ.

ගම්මානවලට එල්ල වී තිබෙන වන අලි තර්ජනයට අලි වැටක් සකසා ස්ථිර විසඳුමක් ලබාදීමට බලධාරීන් පැමිණ පොරොන්දුවක් ලබාදෙන තෙක් විරෝධතාවය අඛණ්ඩව සිදුකරන බවද සේනපුර කොට්ඨාස ගොවි සංවිධාන සභාපති  කපිල සිරිල් පතිරණ  මෙහිදී සඳහන් කළේය.

වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මෙම අවස්ථාවට පැමිණ ප්‍රධාන මාර්ගය අවහිර නොකර විරෝධතාවය සාමකාමීව සිදුකරන ලෙසටත්, තමන් වනජීවීන් නිලධාරි බලධාරියකු විරෝධතාවය අවස්ථාවට ගෙන්වා අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබාදීමට මැදිහත් වන බවටත් දන්වා සිටියේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පසුව  වැලිකන්ද පොලිස් ස්ථානාධිපති සමන්ත රත්නායක  හරහා මේ පිළිබඳව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්වරිය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා සහ   වනජීවී නිලධාරි කණ්ඩායමක්  සමග සම්බන්ධ විය.

පසුව විරෝධතා ස්ථානයට   වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හයිරුන් නිශා, මහවැලි බී කලාපීය නේවාසික      ව්‍යාපාර කළමණාකාර සුගත් වීරසිංහ, වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල,  මෙන්ම වනජීවී නිලධාරීන් පිරිසක් පැමිණයහ.

අනතුරුව අලි මිනිස් ගැටුමට පැය විසිහතරක් ඇතුළත සාකච්ඡාවක් සිදුකර විසඳුමක් ලබාදෙන බවට දුන් පොරොන්දුවක් සමග විරෝධතාකරුවෝ විසිර ගියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුතේ.. මේක අපි ගහන්නම ඕන මැච් එකක්… ඒ්ත්? ශ්‍රී ලංකා තරුණයින් ලකුණු 200කට සීමා වෙයි!

Next Post

බංගලාදේශයටත් පරාදයි… මොනව කරන්නද පුතේ… පරිස්සමින් ගෙදර එන්න ලෑස්ති වෙයල්ලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.