19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මුල් වටයේ තෙවැනි තරගයේ දී යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම අවුලකය. ඩබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙමින් ඇති තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200කට සීමා වී ඇත.
පෙරේදා පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 220කට දැවී ගියේය. එක්සත් අරාබි එමීර් තරගය කඩුළු 02කින් පැරදුනේය.
මේ බංගාලදේශය සමග තරගය පරාජය වුනොත් මුල් වටයෙන්ම අපි ගෙදර යෑමේ අවදානමකය. කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායම මුලින්ම පන්දු රැකීම තෝරා තරගයේ පළමු අර්ධය තමන් සතු කරන් ඇත. තරගයක් දීමට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් අපේ යෞවනයන් රැස්කරගෙන නැති බව බැලූ බැලුමට පෙනේ. තරගාවලියේ පසුගිය තරග දෙස බැලුවත් තේරෙන්නේ එයය.
ශ්‍රී ලංකා යෞවනයන් මුලුමනින්ම පාලනය කිරීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් වී ඇත. ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 28කි. ඒ ආරම්භ පිිතිකරු පුලිඳු පෙරේරාගෙනි. රවිශාන් ද සිල්වා ලකුණු 21ක්, නායක සිනතේ ජයවර්ධන ලකුණු 25ක්, දිනුර කළුපහන ලකුණු 20ක්, රුසන්ද ගමගේ ලකුණු 24ක් කඩුළු රකින ක්‍රීඩක ෂරුජන් ෂන්මුගනාදන් ලකුණු 21ක්, විශ්ව ලහිරු ලකුණු 25ක් ලෙස ලකුණු ලබා ගෙන ඇත. දැනෙන ලකුණක් තීරණාත්මක ජයග්‍රහණයක් කරා කැඳවාගෙන යන ලකුණක් එකම පිතිකරුවෙකුගෙන්වත් ලැබී නැත.
බංගලාදේශව වෙනුවෙන් වාසි සිද්දකී ලකුණු 32 කඩුළු 03ක්, මෆසුර් රහ්මාන් රබ්බි ලකුණු 40ට කඩුළු 02ක්, මාරුෆ් මීර්ධා ලකුණු 34ට කඩුළු 2ක් ලබාගෙනය රොහනට් ඩුල්ලා බොර්සන් ලකුණු 40ට කඩුල්ලක්. ශෙයික් ප්‍රෙවොස් ගිබොන් ලකුණු 32ට කඩුල්ලක් ලබාගෙනය.
ක්‍රිකට් වර්තමානය සම්බන්ධව කිසිම බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් දැන් මේ රට තුළ නැත. අපේ දරුවන් වැනි පොඩිඋන්ගෙන් මේ රට අනාගත සුබ ලකුණක් අපේක්ෂා කරති. ඒ අපේක්ෂාව මේ පොඩි උන්ට බර වැඩි ද?. ආදර්ශ නැති වර්තමානයක ජීවත් වෙමින් අපිට මේ දරුවන්ගෙන් කුමක් බලා පොරොත්තු විය හැකි ද? එඬරු කැලෑවක මහා වනස්පතින් උපදින තෙක් බලා ඉන්නා ජාතියක් ලෙස මේ දරුවන් දෙස බලාගෙන හිඳිමු.







